tag:blogger.com,1999:blog-74154941882831163882024-03-13T05:13:57.777-07:00සඳැස් කවි වදුල ලොව පුරා විසිරි සිටින සඳැස් කවි කිවිඳියන්ගේ කවි එකම තැනකට ගොනු කර සංරක්ෂණය කරන්නට දරනා වෑයමකි " සඳැස් කවි වදුල "Lakshi30http://www.blogger.com/profile/00425686580011800467noreply@blogger.comBlogger226125tag:blogger.com,1999:blog-7415494188283116388.post-26707217342219530492018-11-15T20:52:00.001-08:002018-11-15T20:52:27.701-08:00මහිලා සමිතිය
-----මහිලා සමිතිය--------

මිතුරී සංසදය ගම්පහ මහිලාවේ

ළඟදී රැස්වුණා හරි සිරියකි පෑවේ

නෙක නෙක මෝස්තර නව ලොව වනිතාවේ

විලවුන් සුවඳ සුරලොව මයි සිහිවූවේ

රූමත් කතකි හෙබැවූයේ මුල් අසුන

ගැබ්බර බවකි දිස්වූයේ ඇගෙ දසුන

කියවන්නට වීය ඇය අත රැඳි හසුන

සක් දෙවි වෙතට යොමුකර ඇති බව ඇසිණ

සක් දෙවියනේ අම්මට විලි රුදාවයි

කැක්කුම තාත්තට නෑ උන් උජාරුයි

දිව ඇස යොමා විසඳනු ඔබ උදාරයි

අත් පුඩි ගැසූ හැම ගැබ්ගෙන හමාරයි

පඬු පුල් අසුන උණු විය විසඳුම ලැබුණා

මින් පසු පියාවෙත ඒ කැක්කුම හැරුණා

සැමගේ උඩඟු සිත සිනහව තුළ තිබුණා

සභා තොමෝ සතුටින් යන්නට යෙදුණා

ආරංචියට සැමියන් සවනත වැකුණු

ගත සිත සමග ඔළු ගෙඩියද හිරි වැටුණු

මමනම් අදින් පසු නෑ අඹුසැමි මිථුනු

කිව්වෝ සමහරෙකු මර බයටම දැනුණු

දින සති ගෙවී කාලය ළඟටම ආවා

මහිලා සභාපතිනිට දින ලං වූවා

නියමිත දවසෙ ඇය රෝහල් ගත වූවා

රෑ දරු ප්‍රසූතිය වෙයි දොස්තර කීවා

සැමියා බයේ වේව්ලයි කිය කිය කරුමේ

සක්දෙවි කර කැවූ දුක දැන් පිය උරුමේ

අවසන් මොහොත තුළ සිදුවිය මේ අරුමේ

බෙරිහන් දුන්නෙ කාරෙක එළවන “ධර්මේ”

---------------------------------------ශාරා

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

Lakshi30http://www.blogger.com/profile/00425686580011800467noreply@blogger.com0tag:blogger.com,1999:blog-7415494188283116388.post-56127122573544622582018-11-15T20:50:00.001-08:002018-11-15T20:50:45.776-08:00මජ්ජ පමා දට්ඨානා
මජ්ජ පමා දට්ඨානා

දහවල් දානයක් මහ සඟනුන් වඩින

මා සගයෙකුගෙ නිවෙසක ඊයේ තිබින

ඉහළම වතාවත් මැද කන් අඩි පැළෙන

ගුණ ගායනා වැලඳිමට පෙර ගැයින

දානය බෙදෙයි කඩිසර මසවුළෙන් රස

තව පැත්තකින් පිළියෙල වෙයි අතුරු පස

මේ අත‍රේම ගේ අසලම රියෙක යස

ඩිකියෙක යමක් හා වටවිය මිතුරු රැස

සඟ වා ගෙනෙති කට්ලට් හා මාළු බැදුම්

වීදුරු ගැටෙති රහසේ නැත නැටුම් ගැයුම්

උගුරක් ගසා මිතුරා දී සෙවුම් බැලුම්

සිගරැට් දුමද පලවා දුනි අතින් රිදුම්

ඔහුගේ පුතුද සිව් වසරක් වියැති දඟ

කෙළි සෙල්ලමේ යෙදෙමින් සම වයසෙ හුඟ

සුමිතුරු කැලක් හා අරලිය ගසක නැග

මේ දෙස විපරමින් පසුවිය ටිකක් ළඟ

වළඳා අවසනදි මහ සඟ රුවණ දන

පැමිණිය හැමෝටම පින්පෙත් පුදන මෙන

ඇරයුම් කළෙන් තම සැමියා සොයාගෙන

එළියට බැසී" මේ ඇහුනද "කියාගෙන

හුටා කියා බයිටුයි කොට එහිම දමා

කාරා කෙළ ගසා සැම හා මිතුරු තුමා

සදහම් උපාසක ලීලෙන් සිරස නමා

ඉඳගත්තේය සාලෙන් ඇයි පිනට පමා

අනුකරණය කළා පොඩිවුන් වැඩිහිටියෝ

කැරකී ගියා දෙක වදිනා විට පැටියෝ

දල්වා දුම්වැටිද සේ වාරුව නැතියෝ

බෝතල‍යත් රැගෙන මුන් සාලෙට වැඩියෝ

බෝතලෙ අඩක් වීදුරුවට ඇලවීය

සිගරැට්ටුවට ලයිටරයත් එක්වීය

මේ දුටු මව් පියන්ගේ කන් රත්වීය

ගහු ලොකු සාදු කියමින් පිළිගැන්වීය

වූ දේ පෙනේ ඉන්පසු මට තවත් මැවී

රැස්වූ සියල්ලෝ මුහුණට මුහුණ පෙවී

ලොකු සාදුගේ බණ දෙකනට අගුල් යැවී

ඒ ගැන ලියන්නට මා ළඟ නොමැත කවී

..............................................ශාරා

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

Lakshi30http://www.blogger.com/profile/00425686580011800467noreply@blogger.com0tag:blogger.com,1999:blog-7415494188283116388.post-23546250102324109522018-11-15T20:47:00.001-08:002018-11-15T20:47:59.497-08:00කළු කම්බිලි 16 අවසාන කොටස
කළු කම්බිලි 16

දරුවා ලැබුණි හරි හුරතල් චූටි පුතෙක්

කාලය ගෙවුණි කොළුවා දැන් ලොකුයි ටිකක්

සියපුතු බිසෝ හමුවේ පැවසීය දිනක්

අම්මේ බඳිමි මම මැණිකේ නොදී දුකක්

මොනවද පුතේ මේ දොඩවන බහුබූත

ඇය ගැහැණියකි දරුවෙකු ඇති අවජාත

මව කෑගැසූ මුත් විලසට අවිනීත

පුතු දිගු කළා අසරණියට තම දෑත

සැපතෙදි ළඟින් හිඳ ව්පතෙදි හැරයාම

පෙන්වා නැතිය මට මා දත් බුදු දහම

දරුවට පියා වී වෙනසක් නොකරාම

මම ඔබ රකිමි ආදරයෙන් පෙරසේම

දෙවියෝ අදහන්නෙ මිනිසුන් විතරමය

දෙවියෝ පුදන්නෙත් මිනිසුන් විතරමය

දෙවියෝ කියන්නේ පිලිරූ විතරමය

දෙවියෝ සිටින්නෙත් මිනිසුන් අතරමය

ලොකුපුතු ගියා දුරු රටකට මැණිකෙ බැඳ

රැකියාවකිය දියණිය ලොකු තැනක හොඳ

පිළිකුල්මය උන්ට දන්නා කලෙක හිඳ

දේවාලයයි දුම්මල වල පුළුටු ගඳ

බීලම ඉදිමිලා දියවී අක්මාව

මරුවා ගෙනගියා වැහැරුණු සයිමාව

දරුවොත් හැරගියෙන් ගම හා අම්මාව

තනිකම බිසෝ වටකෙරුවා නොපමාව

ගැමියෝ වැඩකරපු කැත්තේ උදැල්ලේ

පොළොවේ වැළලිලා දැන් පස් පිඩැල්ලේ

ඇත්තේ පරපුරකි නව ගම් ගොඩැල්ලේ

මැස්සෝ වසති දේවාලෙත් නිදැල්ලේ

වැළඳී අංශබාගය දැන් බිඳී බලේ

වැතිරී බිසෝ ලතවෙයි ලණු ඇඳෙහි පිලේ

කඹුරණ දායි කළු කම්බිලි උදව් කළේ

අරුණය ගායි තෙල් තාමත් උකුල් තලේ

..........................නිමි...........................ශාරා

පුරහඳ ගෙවීගෙන යන සේ අමාවකින්

කළු කම්බිලිද සැරසූවෙමි නිමාවකින්

වරදක් ඇතොත් පිළිගෙන මා සමාවකින්

හමුවෙමු යළිත් ළඟදිම රස කතාවකින්

කළු කම්බිලිය හා මෙතුවක් ළඟින් සිටි

අමතමි සැවොම තව එක වදනකින් කෙටි

මා කවියෙකිය පොඩි හෙබි සිරුරකින් මිටි

ඔබෙ වචනයක් මට මහමෙර තරම් වටි

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

Lakshi30http://www.blogger.com/profile/00425686580011800467noreply@blogger.com0tag:blogger.com,1999:blog-7415494188283116388.post-77321011169908292522018-11-15T20:46:00.001-08:002018-11-15T20:46:41.298-08:00කළු කම්බිලි 15
කළු කම්බිලි 15

මේකා මෙතෙක් කල් මට කළ රඟපෑම

එළිවිය දෙවියනේ මගෙ ඉදිරියෙදීම

ගිගිරූ ලතාගේ ඇස් වල දිලිසීම

පිළිබිඹු කළා පිහිතලයේ ලෙළදීම

පළවෙනි ඉලක්කය උගෙ ගෙල පිටුපසට

බුදු අක්කේ කියාගෙන මූ මරබයට

වැඳ වැටුනාට ඇනගෙන දණ දෙක බිමට

ඊළඟ පහර බෙදුවා හිස පළු දෙකට

ලේ වගුරවාගෙන ඌ මිහිකත බැදුවා

සිහි එළවූ දෝණි දේවාලෙට දිව්වා

ලොකු නැන්දා බිසෝ ඒකිව සැනසෙව්වා

විස්තර එකින් එක හෙමි හෙමිහිට ඇහුවා

මියැදුණු උගෙ සිරුර තිබුණා ගේ ඇතුළේ

බියකරු දසුන කාගෙත් හදවත සසැලේ

සැඟවිනි දැයි ලතා සෙව්වත් වන වදුලේ

ඇඳිවත හමුවුණා පාවෙන ලිං පතුළේ

මරණෙත් මිනීමරුවත් යන දෙකම මළා

නඩුවත් උසාවිය දැම්මා ඉවත හළා

පොඩිඋන් දෙපොළ පරිවාසෙට බාර කළා

මැණිකේ ඇදුණි ලොකු නැන්දගෙ සෙවන බලා

ගමේ ගොඩේ කතිකා වුණි මෙහෙම දෙයක්

ලතා ජින්න උඩ පැන්නා මරණ තුණක්

එහා ගමේ රුවනි එක්ක ගියා දෙකක්

බිසෝ වරද්දා ගත්තොත් හබේ හබක්

දුවේ මෙහෙ ඉඳින් දරුවා ලැබෙන තුරු

අපේ එකා ගැන මුත් හිතනවා බොරු

ඇගේ නෙත් බිමට බරවිය කඳුළු පිරු

මොන අම්මටත් ලොකු කැක්කුම තමා දරු

................................................................ශාරා

දරුවා ලැබෙන තුරු රැකවරණයක් තියේ

ඉන්පසු කොහාටද හදවත ගැහෙයි බියේ

ඊළඟ කොටස ගැන කිසිවක් හිතට නොයේ

අවසානයද මන්දා කළු කම්බිලියේ

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

Lakshi30http://www.blogger.com/profile/00425686580011800467noreply@blogger.com0tag:blogger.com,1999:blog-7415494188283116388.post-59164881660748876202018-11-15T20:44:00.001-08:002018-11-15T20:44:50.724-08:00කළු කම්බිලි 13
කළු කම්බිලි 13

රුවනිගෙ පෙම්වතා දැන් ගෙදරට එනවා

දෙපොළෙම කසාදෙට සූදානම් වෙනවා

අපූරුවට මේ ජෝඩුව ගැලපෙනවා

දකින දකින අය නිතරම පවසනවා

දෙන්නා එකටමයි යන්නේ ගමන් බිමන්

දන්නා තැනෙක හැරියා යන අතරෙ ගිමන්

කතා කළේ තුරුළු වෙවී ඉන්න ගමන්

අනාගතේ තනනා හැටි සිහින විමන්

ප්‍රේම කරන්නේ මොටදෝ හොරෙන් හොරෙන්

නෑ තහනමක් දෙන්නාගෙම ගෙදර දොරෙන්

දුවේ නමුත් සමහර දේ අතේ දුරෙන්

තියා ගනින් මව කීවේ හිතාදරෙන්

ලංගම රියැදුරෙකි මොහු දුර සේවාවේ

සමහර විටෙක දින දෙකතුන රැකියාවේ

ඉඳහිට පාළුවට දුම්වැටියක් බීවේ

මත්පැන් උපන්තේකට නෑ කට ගෑවේ

යුධගිනි තදින් ඇවිලෙද්දී උතුරු කරේ

අවධානමෙනි බස් රිය ධාවනය කරේ

ක්ලේමෝවකිය සැඟවුණු කොටි එල්ල කරේ

පැනගත් අයගෙ ගෙල කපලයි ඉවර කරේ

මළකඳ තිබුණෙ මෝචරියේ හිස වෙන්ව

හඳුණාගත් රුවනි වැටුණා සිහිසුන්ව

හත් දා එළඹෙද්දි දානෙත් වැඩ ලන්ව

ජීවිත දෙකක් තව තිබුණා අවසන්ව

තැනු මාලිගා සුළඟේ විසිරුණි වියැකි

රුවනිට වෙච්ච දේ අදහනු බැරි සෙයකි

දිවි තොර කළේ ගෙලවට එති සාරියකි

මියයන විටත් ඇය තුන්මස් ගැබිනියකි

...........................................................ශාරා

මේකත් බිසෝ දෙවියන්ගේ වැඩක් කියා

මුළු ගම්දනව්වම පීරා පැතිර ගියා

ඉන්පසු මිනිස්සුන් ආවේ බිසොව සොයා

වැඳගෙන නොවේ දෝතම හිස මුදුණෙ තියා

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

Lakshi30http://www.blogger.com/profile/00425686580011800467noreply@blogger.com0tag:blogger.com,1999:blog-7415494188283116388.post-31740046601271992742018-11-15T20:43:00.000-08:002018-11-15T20:44:00.206-08:00කළු කම්බිලි 12
කළු කම්බිලි 12

උස්සා ගතිය දෝතට රූමත් කෙල්ල

නිව්වා කටින් පිඹලා පහනේ දැල්ල

සිත්සේ උරා බොද්දී යකු ලේ බිල්ල

ඇසුනා රැහැයියන්ගේ රෑ වැලපිල්ල

කිසිවක් නොවූසේ පසුදා උදේ රැයින්

යකැදුරු පිටවුණා සලකුණ තබා ලෙයින්

නොදැනම සිදුවුණත් ඇතිවූ කැලල මෙයින්

කළ හැකි නොවේ ඇගෙ ජීවිතයටම අයින්

වැඩ වෙන නමුදු ඉන්පසු විලසට පරණ

මොහු හට ලතා දැන් මළ කඳකිය මැරුණ

හිතයට ඇඳෙන්නෙම දියණිය ගැන තරුණ

නැත පාඩුවක් පාවා ගත්තත් සරණ

කැටලත් විනය නුහුළන මිහිකත අහස

සඟවාගෙන තමන් පමණක් දත් රහස

සිහියෙන් ලබන්නට නින්දෙදි ගත් පහස

මිනිහා කැස කවයි ගත කරමින් දවස

දින සති මාස ගොස් පාසැල ඇරී එදා

ගෙට ආ කෙල්ල බත් පතවත් නොකා නිදා

ගත්තා මෙන්න දෙපැයක් ගත වෙද්දි ඉඳා

හිටියා ගෙදර පිටිපස්සේ වමනෙ දදා

දුන්නා බඩේ ගායට ගොඩ බේත් තනා

හැන්දෑ වෙද්දි මොන හොඳදෝ ඇවිස්සුනා

තිබුණේ සොච්චමයි ළඟ ඒ ටිකත් ගෙනා

වෙදනා හමුවෙන්න ටවුමට පිටත් වුණා

ලෙඩා බලා බහිනා තුරු වෙදා එළි

පිලේ බංකුවක් මත්තේ වෙලා ගුලි

සිටිය ලතාගේ හදවත ගියේ සැලි

දුටුව විටයි වෙදනාගේ නළලෙ රැලි

....................................................ශරා

ගැබ්ගති නොමේරූ හිරිමල් පියල්ල

කියපිය නොසඟවා සිදුවූ සියල්ල

ඉලපත් පහර ඇල්ලී පිට දැවිල්ල

බිසොවගෙ පුතා වෙත දිගුවෙද? ඇඟිල්ල

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි

Lakshi30http://www.blogger.com/profile/00425686580011800467noreply@blogger.com0tag:blogger.com,1999:blog-7415494188283116388.post-35304983156110037182018-11-15T20:39:00.001-08:002018-11-15T20:39:31.449-08:00කළු කම්බිලි 11
කළු කම්බිලි 11

පොල නැති සෑම සතියේ දින උදයේම

සිදුවෙයි සාත්තර මල්ලිගෙ පැමිණීම

ඉන්පසු ලතාගේ ගෙයි නොවරදවාම

ඇරඹෙයි දවල් වෙනතුරු දෙව්ලෝ යාම

පාසැල් නොගොස් ගේ අතුගාමින් සිටින

දියණිය දිනක් අහඹුව මුගෙ ඇස ගැටින

දුටුවොත් කෙනෙක් ආපසු හැරිලා බලන

රූමත් කෙල්ල දුටු මේකා ගල් ගැහින

එදවස හැරී ගිය මුත් මූ පස්සෙන්දා

කෙල්ලව බිලී බා ගන්නට අර ඇන්දා

වෙනදාටත් වඩා අම්මට පෙම් බැන්දා

ගැහුවා සැලසුමක් හරියාවිද මන්දා

දැම්මා හොරෙන් බත් හැලියට වැලි අහුරු

පිච්චී පිළිකන්නෙ විත් මහ රෑ කෙහුරු

ඌගෙන්මයි ඇහුවෙ මින් ගැලවෙන අයුරු

ඒකෙන් ඇතිවුණා පාසානම් පයුරු

හූනියමක්‍ ය කවුරුන් හෝ කරපු කලක්

අක්කේ මේ ගෙදර මළයක් විමානයක්

පිලියම ලෙස ඉහමි මතුරා වතුර ටිකක්

කළ යුතු වේය තුන්‍ යම සෙත් ශාන්තියක්

පැලකි පාන් මිදුලේ ගොක් කොළින් තැනූ

අටකි කොණක වත්තේ වලවල්ද කැනූ

සැවුලෙකි කැපූ කරමළ ලේ බිඳක් ඉනූ

බතෙකි පිසුණු එකටම හත් මාළු ඇනූ

මැදියම දක්වාම සිදුවිය මැතිරීම

ඉන්පසු නූල් අතුරා ඉරි පැන්නීම

අණතුරුවයි කළේ ගෙයි දුම් ඇල්ලීම

නිද්‍රාවකට පත්විය ඉන් ඔක්කෝම

ඇතෙක් ගැහැව්වත් මුන් ඇහැරෙනව බොරු

මෙන්න වෙලාවයි දැන් සැලසුමට මරු

මෙතෙක් කලක් රැකි පිරිසිදු පියුම සුරු

බලන් නරුමයෙකු නින්දෙන් බින්ද යුරු

..........................................................ශාරා

ළඳුණේ බලන් දුරදිග කම් සැපට පෙර

කිසිදාකවත් පර ඇසුරක් නොවෙති තිර

යයිදෝ කොහොම දියණිය ජීවිතේ දුර

බුදදා බලමු සිදුවීමක් දුකෙන් බර

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි

Lakshi30http://www.blogger.com/profile/00425686580011800467noreply@blogger.com0tag:blogger.com,1999:blog-7415494188283116388.post-34402962414340129912018-11-15T20:38:00.001-08:002018-11-15T20:38:36.678-08:00කළු කම්බිලි 10
කළු කම්බිලි 10

දෙවොලට ආවෙ නෑ දැන් සතියක් අරුණ

මහ ගැටළුවක් විය බිසොවට මේ කරුණ

මගෙ වරදකුත් නැත වෙන කිසිවක් නොවින

එන ලෙස නොපමාව පණිවිඩයක් යැවින

සුදුමැලි වෙලා ඇඟ හොඳටම කෙට්ටු වෙලා

හුඹහෙන් ඇදල ගත්තෙකු මෙන් තලා පෙලා

බියකින් අරුණ බිසො අක්කට කිට්ටු කළා

මුහුණේ තිබුණි වියැළුණු කඳුළකුත් ගලා

සිදුවුණ සියලුදේ මුළ ඉඳලම කීවා

මුවගට බිසෝගේ මදහසකුත් ආවා

මට බොරු කළාටත් හොඳ පාඩම් මේවා

කියමින් ආදරෙන් ඔළුවත් අත ගෑවා

දෙවියන් හට කියමු අපි මේ අවනඩුව

කියමින් අස්වසා මොහු දුක් වී හැඬුව

සෙනෙහෙන් ළඟට ගෙන මිරිකා නැහැ පුඩුව

පළමුව පිරිමසා ගති සතියක අඩුව

පුරවා කල හතක් කහ දියරෙන් නෑවා

අල්ලා සුවඳ දුම් පහනත් දැල්ලූවා

කම්බිලි මස්සිනේ මල් යහනට වා වා

කියමින් බිසෝ ආරූඩෙන් කෑ ගෑවා

සූජානම් කොරාපිය මල් බුලත් තටු

ලදපස් මල්ද දිය ගොඩ මස් පුළුටු ගොටු

පුහුලක් සමග අග උල් කර පැඟිරි කටු

නම් දෙක ලියා ගහපන් එහි පහක් කොටු

පුහුලේ රුවකි මුල් කටු දෙක අත් දෙකට

ඉන්පසු පා යුගල හිල් කර හිස මතට

අන්තිම කටුව ගෙන දෑතම එකතු කොට

බැස්සී දෙබෑ වී යන ලෙස හදවතට

හිස ගස්සා බිසෝ සිහි මුර්චා වූවා

අරුණය ඇගෙ හිසේ තෙල් ඩිංගක් ගෑවා

විශ්වාසෙට ගන්ඩ අදහනු බෑ මේවා

පුහුලේ රුව කටින් ලේ බිඳුවක් ආවා

................................................ශාරා

වුනදේ දකිද්දී දැඩි බියකුත් දැනින

ඉක්මන් වුනා වැඩිදෝ අරුණට සිතින

බිසොවට උවමනා දේ සිදුවී තිබින

ශනිදා බලමු දඬුවම රුවනිට ලැබෙන

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි

Lakshi30http://www.blogger.com/profile/00425686580011800467noreply@blogger.com0tag:blogger.com,1999:blog-7415494188283116388.post-55441925800652249642018-11-15T20:37:00.001-08:002018-11-15T20:37:50.146-08:00කළු කම්බිලි 9
කළු කම්බ්ලි 9

"නෑවද අක්ක තාමත් දිය රෙද්ද ඇඟේ

නාමල් පුසුඹ නාහෙත් කිති කවයි මගේ

කෝමත් කෙල්ල මේකට තව හැඩයි වගේ"

කීවෙත් ආදරෙන් පිරිමැද නිකට ඇගේ

උගුරක් කෝපි බොමු මල්ලියෙ රස්නෙපිට

බෙහෙතකි ඒක මේ හීගතු සීතලට

කියමින් ගොඩවැදී ඇය මුළුතැන් ගෙයට

බත ලිප තබා ගත්තා කේතලෙ අතට

නිරුවත් උරහිසට රළු දෑතක් ආවා

ඇගෙ පිට ඔහුගෙ ලය මත්තට බරවූවා

ගෙල මත දිවෙන දෙතොලක උණුහුම වාවා

මුව ඉකියකට හුරු දිග සුසුමක් ලෑවා

ගිලිහුණි රෙද්ද පතිතව පා පතුළ මත

විදුලිය දිවගියා නග්නවු සිරුර මත

ආරාධනය ‍රඳවා නෙතු පියන් මත

ඇය දිග ඇදුණි ඉඟිකර පන් පැදුර මත

කුසුමක රේණු පොඩිවෙද්දී බමර විතින්

ගගනත අකුණු විහිදෙව්වා සතර අතින්

දහදිය නැගෙද්දී පරයා සිසිල ගතින්

පෙනකැටි විසිරුණා ලිප මත පිසෙන බතින්

"ජීවිතයට නොලද මිහිරක් හිතට දැනේ

නොකියමි මුසාවක් මගෙ රත්තරං පනේ

අමතක කරනු බෑ මල්ලියෙ සත්තකිනේ

මම අද තමයි පිරිපුන් ගැහැණියක් වුනේ"

දොලහට කරකැවෙද්දී හෝරා යතුර

වට කීපයක දිගු හරඹෙද විය නතර

දිගටම ඇදහැළුණු මහවැසි මේ අතර

පෙරළා තිබුණි ගෙමිදුල විලකට වතුර

සමුදී පිටත් කර ඔහු ඇය ගෙට වැදුණා

නොතිබුණ පාළුවක් හදවතටම දැනුණා

ළමයින් එන්ට තව හෝරාවක් තිබුණා

සුව නින්දකට සැරසී පැදුරට වැටුණා

කොණ්ඩය බැඳ බැඳා නින්දෙන් අවදි වෙලා

වටපිට බලද්දී මහවැසි නතර වෙලා

දැඩි නියඟෙට කලක් මිදුලේ එකතු වෙලා

කොළ රොඩු සියල්ලම තිබුණා සුද්ද වෙලා

.............................................................ශාරා

අමතක කරනු බැහැ අද සිදුවූ දේද

දිවියට නොලද මිහිරක් වින්දා නේද

නැවතත් සුහද හමුවෙන්නේ කවදාද

ඊළඟ බදාදා අපි නරඹමු .........හා..ද

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

Lakshi30http://www.blogger.com/profile/00425686580011800467noreply@blogger.com0tag:blogger.com,1999:blog-7415494188283116388.post-48824108623477614312018-11-15T20:36:00.001-08:002018-11-15T20:36:48.788-08:00කළු කම්බිලි 8
කළු කම්බිලි 8

ලතාගේ දුවයි බිසොවගෙ පුතාගෙයි

රහසේ ආලයත් දළු ලා වැඩී එයි

අම්මල අතර තිබුණත් වයිරයක් නයි

මුන්නේ ඇසුර අවිහිංසක එකක් මැයි

"මැණිකේ ඔයා කවදා හරි මගේ කර

ගන්නෙමි නංගියේ එය අධ්ටනකි තිර"

"මට නෑ ලෝකයක් අයියේ ඔබෙන් තොර"

හමු වූ විටදි දොඩමළු වෙයි හැඟුම් බර

දෙවියන් සමග නිතරම ගනුදෙනු කරන

මේ සම්බන්දෙ බිසොවට රහසක් නොවින

රූපෙට ඔබින ගුණ නුවණින් හෙබි තරුණ

කෙල්ලට ඇගෙත් හිත තුළ ඇල්මක් තිබින

අරුණව මගහරින දැන් ටිකටික රුවිනි

නව පෙම්වතා හා ආදරයෙන් බඳුණි

දෙදෙනා නිතර සිනමා හල වෙත ඇදුණි

ඔහුගේ උණුසුමට ඇගෙ සිත වහ වැටුණි

නොලැබේ පිළිතුරක් යවනා ලිපියකට

දැනුණා තදින් මෙය අරුණගෙ හදවතට

මුදු ලෙස තලන බමරෙකු මිස කුසුමකට

දැවටෙන සුළඟ ගැන නොනැගේ මතකයට

දැක්කා යනෙන මග සේරම දැනගත්තා

රැක්කා දිනක් රුවිනිව අල්ලා ගත්තා

අක්කා බිසෝ ගැන ඇය ඇදලා ගත්තා

ගේමත් දිනා ගෙන ප්‍රේමෙන් සමුගත්තා

ඇවිටිලි කළා අත අල්ලා නතර කර

ඇය අත ගසා දැමුවේ මොහු පුදුම කර

අවසානයේ සමුදුන්නේ කනට කර

පලිගන්නා බවට දිවුරා සපථ කර

පොල නැති දිනකි අද තනිවම ගෙදර ලතා

මොරසූරනා වැස්සෙත් ඉවරයක් නැතා

පිය ගැටෙනා හඬකි ඇසුනේ ළඟින් ඉතා

දොර ඇර බැලූ කල ඇගෙ නව සුපෙම්වතා

..............................................................ශාරා

නෑ දිය රෙද්ද තවමත් නැත උනාදා

වැසිබර උදය ඇත උණුසුම මකාදා

ගත කිති කවයි සිත නැගෙනා ප්‍රබෝදා

මේ මංගල්ලෙ නරඹමු සෙනසුරාදා

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

Lakshi30http://www.blogger.com/profile/00425686580011800467noreply@blogger.com0tag:blogger.com,1999:blog-7415494188283116388.post-75771806239096664662018-11-15T20:35:00.001-08:002018-11-15T20:35:40.115-08:00කළු කම්බිලි 7
කළු කම්බිලි 7

හිමි මරණින් පසුව දරුවන් රැකීමට

නැතිවිය අන් මගක් අසරණ ලතා හට

ගම්මණ්ඩියේ ගොස් එළවළු එකතුකොට

වික්කා පොලට ගෙනිහින් සුළු ලාබෙකට

වියපත් නොවුනු ඇහැකට කනකට පේන

කණවැන්දුමිය වෙත ඇස් දෙක රඳවාන

ලැබෙනා තුරු ඉඩක් දකිමින් පෙම් හීන

හිටියා කොබෙයියෙක් අනුකම්පා පාන

එළවළු කූඩෙ බා ගන්නට උදව් කරයි

ඉඳහිට තට්ටුවට ඇවිදින් පාළු මකයි

රූපය ඇඟ පසඟ අක්කගෙ හරිම හැඩයි

වැනුමට ප්‍රතිචාරෙ පෙමකට පාර කපයි

වාහේ මැරුණු දුක ටිකටික තුනී වෙලා

දෑසේ බැල්ම වුව මූණම එළිය කළා

දෝරේ ගලන හදවත තුළ ඉවුරු තලා

පාළුව ලතාටත් දැනුණා පඳුරු ලලා

වේලක් අතැර වේලක් කෑවත් බඩට

ගියෙ නෑ ලතා මෙතුවක් පර ඇසුරකට

එනමුත් මොහුගෙ ළඟ ඇති ඇඟලුම් කමට

හිත යට යමක් දළුලෑවා හීනියට

ඔහුගේ රැකියාව එකකිය අමුතු පෙලේ

සාත්තර කියයි එන මිනිසුන්ට පොලේ

උදයේ පටන් බැලුවොත් හෙම සෑම වෙලේ

පෝළිම හැදෙයි දික්කරගෙන දෙකේ කොළේ

කටකාරයි ටිකක් බැල්මෙන් මනමාලයි

වැඩියෙන් ලතාහට මොහු වයසින් බාලයි

අතමිට මුදල් ගැවසෙන්නේ පට ගාලයි

ගැහැණුන් රවට්ටන්නට මූ හරි සූරයි

අක්කේ ගෙදර එන්ඩද මම වෙලේක

මල්ලියෙ ළමයි පාසැල් ගිය උදේක

ඇරයුම ඇරඹුමද මන්දා විනේක

හමුවත් යොදාගති ළඟදිම දිනේක

...............................................ශාරා

අනේ මන්ද යන යන තැන නටති මගුල්

පත්තු කරති සුරුට්ටු ගිනි ගද්දි රැවුල්

මොහොතේ සැප ජීවිතේම ශෝක තැවුල්

බලා ගමුකො බදාද මුන් කයිද පවුල්

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

Lakshi30http://www.blogger.com/profile/00425686580011800467noreply@blogger.com0tag:blogger.com,1999:blog-7415494188283116388.post-82753661585295638592018-11-15T20:34:00.001-08:002018-11-15T20:34:43.236-08:00කළු කම්බිලි 6
කළු කම්බිලි 6

නිහඬයි දෙදෙනාම පිටවෙයි සුසුම් සිහින්

අදහස් මාරුවෙයි ගැටෙනා විටදි ඇහින්

දෙවියන්ටත් එදා සතුටට නින්ද ගිහින්

දේවාලෙත් වසා දැමුණා වේලපහින්

"දැන් රෑ බෝවෙලා නිදියාපන් කෙල්ලේ"

පැදුරත් එලා දුන්නා තිබු දොර මුල්ලේ

"වැඩ" කිය කියා මේකිත් පොතෙහිම එල්ලේ

ලේසිම නෑ රසය බැලුමට සැනසිල්ලේ

ඇඟ පත සෝදාන වැඩියෙන් වෙනදාට

වරලස කඩා ගල්වා සුවඳද ඊට

රෙද්දක් ඉනට පටලා මල් කහ පාට

නිරුවත් උඩුකයට පොරවා ගති රෑට

නිදි වර වරා නියපොතු සපම්න් එළියේ

අරුණත් පිලේ ලනු ඇඳ මත කල් හැරියේ

මැදියම් රැයත් පසුවී අන්තිම හරියේ

පමණය බිසෝ දෙවඟන එළියට වැඩියේ

"කෙල්ලත් මේ දැනුයි ගත්තේ දෑස පියා

හොඳ කාලයක් අපරාදේ ඉවත ගියා

මල්ලියෙ ගියා කියලයි මම හිතුවෙ ඔයා"

කියමින් බදා ගත්තා මුව දෑත අයා

ඉවතට දැමුණි රෙදිකඩ සිටි පොරවාන

ලෙළදුණි පයෝධර කිරි පාටැති පීන

මෙතුවක් එළිය විහිදා ලූ හඳපාන

සැඟවුනි මිතුනයට ඉඩකඩ සලසාන

ඇරඹුණි ගමම පසුවෙන මොහොතක නින්දේ

කල් දම දමා සිටියා වූ රති යුද්දේ

ලනු ඇඳ කිරිකිරිය යටකර මේ මැද්දේ

මතුවිය තෘප්තියේ දිගු කෙඳිරිලි සද්දේ

එළි වනතුරා රස ගඟුලේ කිමිදීලා

දාහය නිවාගෙන ඉඳුරන් පිනවාල

දෙදෙනා වෙන්වුණේ මේ හැම නිමවාලා

මළ මෑණියෝ හට සයිමගෙ පින්දීලා

................................................ශාරා

දෙදෙනා වෙන්වුණත් සමුගෙන සතුටු සිතින්

තවකෙකු බලා සිටියා මෙය උකුසු නෙතින්

හොරකම හොරාකෑමත් යන දෙකම ඉතින්

වරදකි බලමු වෙනදේ එන කොටස මතින්

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

Lakshi30http://www.blogger.com/profile/00425686580011800467noreply@blogger.com0tag:blogger.com,1999:blog-7415494188283116388.post-3790505975246274182018-11-15T20:33:00.001-08:002018-11-15T20:33:43.457-08:00කළු කම්බිලි 5
කළු කම්බිලි 5

ජින්නා ගෙලකැඩී මරු හා එක් වීය

හැඬුමින් ලතාගේ ගම දෙවනත් වීය

දරු තිදෙනෙකු සමග අඹුවක් තනිවීය

මරණය බිසෝගේ ගිණුමට බැරවීය

නොගියත් බිසෝ මළගෙට අවලාද නිසා

වියදම් මුදල් දුන්නා ගණනක් නොඅසා

සයිමා දරු දෙදෙන පව්ලේ අය විලසා

වෙහෙසුනි දින හතම රෑ දාවල් නොලසා

ඉන්පසු අහල ගම්බිම් හද්දිග් භාගේ

රැස් විහිදුණා බිසොවගෙ ඊයක වේගේ

දේවාලයේ අවටින් යන කොයි කාගේ

අත් එසවුනා ඉහළට වැඳගෙන වාගේ

උණුසුම මැකී ගිය පසු මරණයෙ දිනෙක

ලොකු දුව ලතාගේ සුරතල් කිරිමැණික

ඇසටැස ගැටී හමුවී වත්තේ කොණෙක

පැටළුණි බිසෝගේ පුතු හා පෙම් දමෙක

ඇවිටිලි කළත් කපුකම අතහරින්නට

රුවණිට බැරිවුණා අරුණව හදන්නට

වැනෙනා සිත ඔහේ ඔබ මොබ දුවනවිට

එබුණා කඩවසම් ගැටයෙකු ගමෙන් පිට

මේ අව් අස්සෙ සයිමගෙ මෑණියෝ මළා

බීගෙන මේක බෙරිහන් දුණි කදුළු සලා

කටයුතු කරණු කියමින් ගොස් නොපිරිහෙලා

ලොකු පුතු සමග මිනිහා ගම පිටත් කළා

තනිවිය බිසෝ දෝණිය හා නිවසෙ එදා

ගැනගැන ඇඟිලි සිටි දවසක් වීය උදා

බාදක නැතිව විඳගන්නට මිහිර බෙදා

ඉවසිය යුතුයි ගන්නා තුරු කෙල්ල නිදා

.................................................ශාරා

ඉවසන දනා රුපු යුදයට ජයකොඩිය

දැන්නම් මේ වැකිය ඕනැවටත් වැඩිය

වේගෙන් ගැහේ දෙන්නාගෙම හිත්පොඩිය

බුදදා බලමු කනහැටි තහනම් ගෙඩිය

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

Lakshi30http://www.blogger.com/profile/00425686580011800467noreply@blogger.com0tag:blogger.com,1999:blog-7415494188283116388.post-89001206949621103992018-11-15T20:32:00.001-08:002018-11-15T20:32:34.433-08:00කළු කම්බිලි 4
කළු කම්බිලි 4

සීපදයක් සමග කටගොන්නක් බීලා

සයිමා දොරට ගැහුවා දඩ් බිඩි ගාලා

දාහෙට ගගට බැස්සත් බාගෙට නාලා

දෙන්නා නැගිට්ටා සළු පිලි පටලාලා

බිසොවට මිසක් මෙහි පාඩුව ඔහුට නෙමේ

පෙම්වතියක් සිටී අරුණ ට එහා ගමේ

වැඩිවැඩ නැතත් සිනමාහල් අඳුරු ඉමේ

රහසේ තොලගාති දෙදෙනා රසය පෙමේ

යහමින් මුදල් එන හන්දා මිස අතට

ආසම නෑ රුවනි නම් මේ කපුකමට

ආඩාපාලි කිව්වා ඈ සරදමට

අරුණගෙ ළඟින් හමනා දුම්මල ගඳට

ලද ඉස්බක දෙවොලෙ තිරයට මුවා වෙලා

උරලා ගන්න මදිරාවට දෙතොල් තලා

රුවනිට වඩා අරුණගෙ සිත පියා සලා

බිසොවගෙ පිරුණු නා දල්ලට ඇළුම් කළා

මේ තහනම් පෙමේ අළු යට ගිනි පුපුරු

පැතිරුණි ගමපුරා දෑසින් දුටු අයුරු

ගැමි ගතියකි සොයන එක අනුනගෙ කෙහුරු

සඟවනු කොහෙත් බෑ වක්කඩ වල හකුරු

පෙම් හබ සමග කේලම් හා සිනා සිසී

ගැම් හිරු උදේ නැග හවහට ගිලා බසී

ජන දිවි ගෙවෙයි තම රැකියා පරිදි රිසී

කඩ පිල රා පොලත් නිදි කිසිවක් නොඇසී

උදයේ කඩිගුලක් වාගේ හෝ ගාලා

ගැමියෝ දුවති දේවාලේ පහු කරලා

ඇසුවා බිසෝ "ඇයි" එකියක නවතාලා

"ජින්නා වත්තෙ පොල් ගහකින් පතබාලා"

.............................................................ශාරා

එරෙහිව ආ එකා මක බෑ උනාද ?

දෙවියෝ කෝප වී මොනවත් කළාද?

පොල් ගහකින් වැටී ජින්නා මළාද ?

එන ශනිදා බලමු මොනවා වෙලාද?

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

Lakshi30http://www.blogger.com/profile/00425686580011800467noreply@blogger.com0tag:blogger.com,1999:blog-7415494188283116388.post-62745256161105522712018-11-15T20:31:00.001-08:002018-11-15T20:31:17.462-08:00කළු කම්බිලි 3
කළු කම්බිලි 3

දරු දෙදෙනෙකුගෙ මව මුත් හතලිහ පැන්න

සුරු ඇඟ පසඟ කඩිසර විදුලිය වැන්න

බේබදු සැමියගෙන් නොනිවෙන රාගින්න

තිබුණා නොකිව්වත් බිසොවට ඇති වෙන්න

කවුරුත් නොමැත සිත ඉල්ලන තනිකමට

දිය දහරක් නැතිය ඇවිලෙන ගිනිගොඩට

මහ රෑ අවදිවන හෝරා කනිසමට

සීමා වීය මේ හැම දිග සුසුමකට

විසිඑක් වියේ පසුවන නාඹර තරුණ

ඇයගේ ගෝලයා වන කීකරු අරුණ

වෙත හෙමිහිට හැරුණි සිතිවිලි තළු මරණ

කොයි ලෙස කියා ගන්නෙද කකියන කරුණ

ව්ටෙකදි පහණ දෙද්දී අතැඟිලි ගෑවෙයි

පරලව නටද්දී නිතඹට අත යාවෙයි

වැඩිදුර යා නොහැක දෙවියන් ගැන සීවෙයි

මරු කතරකට මේ දියබිඳ වුව සෑහෙයි

නටලා වෙහෙසිලා කැපවී දෙවියන්ට

රිදෙනා දෙපාවල තෙල් ටික ගාගන්ට

දෑතින් මිරිකෙනා සැනසුම ලැබගන්ට

පැවරී බිසෝ දිනකදි තම ගෝලයට

මුළදී පටන් ගත්තත් දනිහෙන් පහළ

දැන් මිරිකේය කලවා වලිනුත් ඉහළ

නාඹර තරුණ මුගෙ අත් පහසින් ප්‍රබල

ටික ටික ඈත් වේ රිද්මෙට පා යුගල

අරුණත් නොකීවට මේ දේමය පැතුවේ

සිතිවිලි තහනමට හරි වේගෙන් නතුවේ

"කස්තිරමකි අමාරුම අදනම් නැටුවේ

ගාහං මලේ තෙල් ඩිංගක් මගෙ පපුවේ"

.............................................................ශාරා

සැට්ටය බොඩිය සැනෙකින් ගලවා දැමුණි

දේවාලයේ මහදොර අඩවල් කෙරුණි

මොනවද මුමුණ මුමුණා ඇය දිග ඇදුණි

මංගල ගමන එන බුදදා සකි සඳුණි

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

Lakshi30http://www.blogger.com/profile/00425686580011800467noreply@blogger.com0tag:blogger.com,1999:blog-7415494188283116388.post-78404469780528528312018-11-15T20:30:00.001-08:002018-11-15T20:30:15.394-08:00කළු කම්බිලි 2
කළු කම්බිලි 2

දැන් පරසිදුයි බිසො අක්කගෙ දේවාලේ

සෙනගින් පිරී ඉතිරෙයි රෑ දාවාලේ

තරවෙයි මඩිය හොඳවීගෙන එයි කාලේ

බිහිවෙයි ඉරිසියාකාරයො ගම් දෑලේ

සයිමා ඇයගෙ වාහේ අළුයම පිබිදී

කසියා ගසයි නිතරම තිප්පොලට වැදී

වීගෙන සූර් විටෙකදි උස්සාන රෙදී

අමු කුණුහරුප වැනි වැනි ගමපුරා විදී

එක කුස උපන් ඇගෙ අයියා වූ ජින්නා

වත්තේ කොණේ උගේ ගේ අටවං උන්නා

ගස්ගෙඩි කැඩීමෙන් පවුලම රැක ගන්නා

දියුණුව නගාගේ ඇස්වල කටු ඇන්නා

ගෑණී ලතා උගෙ මේ සේරටම හපන්

වලියට එයි බ්සෝ හා ඇඳුමින්ම උපන්

ඇරඹෙයි පදෙන් අම්මගෙ, භාෂාව ජපන්

නරඹයි දනෝ නාටකයම අවට තැපන්

කවදත් ප්‍රගුණ කළ බැරිතැන ඉවසන්ට

ඇය ගියෙ නෑ ලතා එක්කල ඇවිලෙන්ට

හැකිමුත් අඹරන්ට වැඩ දෙපිටිං යන්ට

කිව්වේ නෑ බිසෝ මේ ගැන දෙවියන්ට

ආතුරයෙකුට දාකදි රෑ දෙහි කපන

තඩි ගල් දෙකක් දෙවොලේ වහලෙට වැටින

ව්මසා සැවොම විටදී එළියට පනින

දුටුවා ලතා මිනිහා හා පැන දුවන

සුන්විය ඉවසීම මතුවිය දෙනෙතෙ රත

වියැලී ගියා මෙතුවක් තිබු පපුවෙ තෙත

ආරූඩව බිසෝ ගසමින් උගුර ගොත

වැටුණා සිහිසුන්ව මල් ආසනේ මත

..................................................ශාරා

කෝපය ඉතිරුණා සොහොයුරු කම පරදා

ජීවිතෙ ගත්තදෝ මන්දා උන් වරදා

ශාපය වදින්නේ ග්‍රහයෝ හැර ගියදා

වෙනදේ බලාගමු අපි ඊළඟ ශනිදා

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

Lakshi30http://www.blogger.com/profile/00425686580011800467noreply@blogger.com0tag:blogger.com,1999:blog-7415494188283116388.post-54950349904117077352018-11-15T20:29:00.001-08:002018-11-15T20:29:09.419-08:00කළු කම්බිලි 1
කළු  කම්බිලි 1

සුවහස් ගැම් දනන් දහසක් ගැටළු ඇති

සමහන් කරගන්න ඇයගේ පිහිට පැති

ගත්තත් සොච්චමක පඩුරක් බුලතෙ එති

දෙවියොත් සමග ගනුදෙනු නම් ලේසි නැති

හරකා නෑලු වත්තේ සිටි කකා උලා

සැමියා පහරදෙයි බීගෙන තලා පෙලා

හොයනා දේ බලා ඉද්දී බසී ගිලා

දෝණී පැදුරටත් නොකියා ගියා පලා

සතියේ බදාදා හා සෙනසුරාදට

මේවැනි ගැටළු එයි දෙවොලට උදේ සිට

නංගී ගත්තාලු මිනිහා වශීකොට

එකියක හැපෙයි වගුරවමින් කඳුළු කැට

දනතෙක් උණාහල වරලස ලෙලවම්නේ

රතු හැට්ටයට සුදු රෙද්දක් ගලපමිනේ

සුරතේ ත්‍රිසූලෙද ඉඟ සුඟ නටවමිනේ

සාත්තර බිසෝ දෙවොලට ඇදෙනු පෙනේ

වැඳගෙන සැවොම පොරකයි කුටියෙන් එළියේ

නැටුමද තිවුර වෙයි ඇයගේ හිටි හැටියේ

දුම්මල ගඳ දැනෙයි නැහැයට දෙව් කුටියේ

දෙවියන් මේ දැනුයි මල් යහනට වැඩියේ

පුරවා තෙලින් දල්වා පොල්තෙල් පාන

අල්වා සුවඳ දුම් සකසා මල් යාන

ඇගෙ ගෝලයා අත සීනුව  හඬවාන

ආ පිළිවෙලට කැඳවයි ආතුර රෑන

හතලිස් වියැති මුත් බිසෝගෙ රූ සපුව

මනබන්දනය පුපුරයි පිරිපුන් පපුව

නා දළු  දිලෙයි විටකින් සාරෙට හැපුව

මැණිකක් සදිසිමය රතු කැටයෙන් කැපුව

.......................................................ශාරා

කළු කම්බ්ලි වතිනි මේ කලකට පස්සේ

ශාරා නැවත කවියට කලඑලි බැස්සේ

හමුවෙමු යළිත් ඊළඟ පබැඳුම ඔස්සේ

රස රස දේ තිබේ බ්සො වගෙ පිටිපස්සේ

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

Lakshi30http://www.blogger.com/profile/00425686580011800467noreply@blogger.com0tag:blogger.com,1999:blog-7415494188283116388.post-71489921561964829422018-11-15T20:15:00.001-08:002018-11-15T20:15:57.821-08:00හොස්ටල් ජීවිතය...
හොස්ටල් ජීවිතය

රස මුසු මතක තෙල් ඉහිරෙන ගැටවු වියේ

මදහස නැගෙයි සිහිවෙන විට තවම ළයේ

මොන පවකටද මන්දා තුණු සිතට නොයේ

කාලය ගෙවෙද්දී සිරුරට වයස ගියේ

නිදහස පිරුණු ඒ හොස්ටල් ජීවිතය

යාබද බාලිකාවට දුර සීමිතය

රෑ පය ගැටෙන කොටබිත්තිය පීඩිතය

පොලු නැති ජනෙල් ඇතුළෙයි රස මීවිතය

අපි හය දෙනෙක් භය නැති හොඳ පොරවල්ය

වොචරය බීඩි මිටියට හරි හුරතල්ය

වර්ඩන් නැගිට්ටොත් වැඩ ටික කුරුවල්ය

කොට්ටා පඹය ඇඳ උඩ අපි එන කල්ය

ලීඩෝ එකේ රෑ ෂෝ එක බලන්නට

අල්ලා ඔට්ටු ශත පණහක් දිනන්නට

තුනකින් මහල් ගොස් පහළට පනින්නට

කෑවා පිනාගෙන් වේවැල කැඩෙන්නට

හොල්මන් වලට භය නැති උන් තෝරන්ඩ

තිබ්බා තරගයක් රුපියල ජය ගන්ඩ

තනියම කනත්තට රෑ මැද වෙයි යන්ඩ

ගොරකා ගහේ ඇණයක් ගහලා එන්ඩ

හැම දෙන පස්ස ගැහුවත් භය වසාගෙන

මම ඉදිරියට ආවෙමි ජය පතාගෙන

හිත වෙව්ලුවත් හිස රෙද්දක් පොරෝගෙන

පය තැබුවෙමිය ඉතිපීසෝ කියාගෙන

ගොරකා ගසට ලංවී මම ඇණය ගසා

හැරුණා එන්ට ගැහෙනා භය ඉතිං නසා

ඇද්දා කව්ද රෙද්දෙන් හිස තිබුණ වසා

දිව්වා හූ කියාගෙන රෙදි දමාගසා

වේව්ලා හැදී ඒ මුුළු රෑ ගැහෙන උණේ

ගියවිට වොචරෙ හා සොහොනට එළඹි දිනේ

කන්නට සිතුණි මට බඩවැල කඩං අනේ

"ගහලා තිබුණෙ රෙද්දත් අල්ලලා ඇණේ"

-----------------------------------------ශාරා

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

Lakshi30http://www.blogger.com/profile/00425686580011800467noreply@blogger.com0tag:blogger.com,1999:blog-7415494188283116388.post-44584262711460511602018-11-15T20:07:00.001-08:002018-11-15T20:07:37.811-08:00ගඳ සුවඳ 15 අවසන් කොටස
ගඳ සුවඳ "(පාළොස් වෙළුම )

උදරය කිඳා බැස්සා ඇගෙ පිහි පහර

මැරිලා වැටුණි ඌ විහිදා ලේ දහර

පුතු ඇහැරිලා කෑ ගැසුවා නෑ නතර

සීනුව දොරේ නද දුන්නා මේ අතර

නිල්මිණි ඇඳුම සකසාගෙන දොර ඇරියා

සේකර සිඟන්නෙකු සේ දොරකඩ සිටියා

කෝ කිය කියා අසමින් මගෙ කිරිකැටියා

දෙනෙතේ කඳුළු බිඳු අත්ලෙන් පිසහැරියා

ඇතුළට ආය "ගේ දෙව් විමනක් බඳුය

නිල්මිණි ලස්සනයි දෙව්දුව සේ සුදුය"

ඔහු පැවසුවේ තරහෙන් නොව හඬ මුදුය

කුණු ඇද්දාට සිතුවිලි හරි පිරිසිදුය

නිල්මිණි පුතු දෙමින් ඔහුහට ගන්න වඩා

ඔහුගේ උරය මත වැටුණා හිසද කඩා

දෙනුමැන සමා මා තව තව නොකර විඩා

කීවා එතැන් සිට වුන දේ වැටී හඬා

සේකර සිහිය එළවා උල් පිහිය ගෙන

දරුවා යළිදු නිල්මිණි ගේ අතට දින

පුතෙකුට මව්සෙනේ මිස නැත දෙයක් වෙන

වත්‍තට ගිහින් එහි සතුටින් සිටිනු මැන

වත්තේ එවුන් කවදාවත් කුහක නැත

කන්නට උනත් දෙයි ගේදොර ඉදෙන බත

අපි කළ පව් පිනෙන් යළි මුණගැසෙනු ඇත

සේකර කීය සිඹිමින් නිල්මිණිගෙ වත

ලේ තැවරුණු පිහිය බෑගයෙ දමාගෙනා

සේකර ගිහින් පොලිසිය වෙත බාරවුණා

නිල්මිණි ඇවිත් වත්තේ යළි නතර වුනා

මිනිසෙකු සතුවු මනුසත් බව ඔප්පු වුනා

හිරගෙට නියමවිය නඩුවෙන් සැමියාව

වත්තේ උන් බලයි දහවල ළමයාව

අතහැර දමා කුණු ගැන අප්පිරියාව

ඇය දැන් කරයි සේකරගේ රැකියාව

..................................................නිමි

ඇරඹුම සේ අදත් සරසවි පා නමැද

මා හා සිටිය ඔබවද සිහිකර නිබඳ

දිරිදුන් සැමදෙනා හිරකරගෙන ලමැද

අවසන් කරමි මම පදබැඳි ගඳ සුවඳ

.................................................ශාරා

Lakshi30http://www.blogger.com/profile/00425686580011800467noreply@blogger.com0tag:blogger.com,1999:blog-7415494188283116388.post-84643907742620162722018-11-15T20:06:00.001-08:002018-11-15T20:06:18.483-08:00ගඳ සුවඳ 14
ගඳ සුවඳ "(දාහතර වෙළුම )

ඉතුරුයි තාත්තගෙ සල්ලිත් අහ මේක

දැනටත් ඒකි ඉන්නේ බං මගෙ ගේක

හොඳටම බලාගමි මම උඹ වගෙ ඕක

යාපනෙ ගිහින් අර්ජුන බැඳගං ඒක

දින කීපෙකට රට යනවැයි පිටත් වෙයන්

උඹ ගිය පසුව මම යන්නං නිම්මි හොයන්

අසරණ වෙද්දි ඇරෙනව බං දොරටු පියන්

ඉඳහිට උඹත් ඇවිදින් ඔහෙ සතුටු වෙයන්

ගුණමකු මිතුරු මේ මහ තිරිසන් පවිටා

අදහස දැම්ම බොටුවම හිරවුණු කලටා

අර්ජුන එකඟවිය විසඳුම් නැති කමටා

සැලසුම දියත් කෙරි අසරණියව රවටා

හැඬුවා රට යද්දී නිල්මිණි දෙපා බදා

නිමවා දෙසතියෙන් එමි දුක් නොවෙනු සුදා

අර්ජුන ගියා ඇය හට දුකඳුරම පුදා

දෙවියොත් සිටී මේ ජඩ වැඩ වෙද්දි නිදා

අර්ජුන ගිහින් දෙසතිය ගෙවුනට පස්සේ

ගුණමකුවා හෙමිනි ඇගෙ ගෙදරට බැස්සේ

යාපනයේ මඟුල දුරකථනය ඔස්සේ

ඔහු පෙන්නුවා නිල්මිණි හඬවා සිත්සේ

ගියදේ ගියා දැන් දුක්වී පලක් නැත

මේ ගෙය ඔබට දෙමි ඒකේ දෙකක් නැත

අර්ජුන ඔබ සොයා යළි එන්නේද නැත

අසරණ වෙන්න මම ඉඩදෙන්නේද නැත

ඔහු ඇය වැලඳගති විඳුමට අමාසුවේ

සිහිනෙන් පවා රසවින්දා ඔබේ රුවේ

පිළිකෙව් කළා එය නොවැටී අමාරුවේ

වරදක් කළත් මා නම් වෙසඟනක් නොවේ

හ්

කොටියා පැනී ඩැහැගන්නට ගොදුර වෙත

දිව්වා මුවැත්තිය බේරෙන මගක් නැත

පිළිසරණක් පතා වටපිට යැවී නෙත

කුස්සියෙ තිබුණ උල්පිහියට ගියා අත

..................................................ශාරා

මතු සම්බන්ධයි

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

Lakshi30http://www.blogger.com/profile/00425686580011800467noreply@blogger.com0tag:blogger.com,1999:blog-7415494188283116388.post-36818278614893912712018-11-15T20:05:00.001-08:002018-11-15T20:05:00.377-08:00ගඳ සුවඳ 13
ගඳ සුවඳ "(දහතුන වෙළුම )

තත්වයෙ බැරෑරුම් ගතියක් තිබුණු නියා

අර්ජුන මිතුරාද අරගෙන ගෙදර ගියා

ඒ වන ව්ට පියා සැමදේ තිබුණි සොයා

අහගෙන ඉඳුම පමණක් විය දෙකන අයා

කැඩුවොත් කූඩුවක් ඒ පව පල දේමැයි

විසඳුම ගෑණි දරුවා ආපසු දීමයි

මඟුලක් උඹට ඇත මෙහි එය සිදුවේමයි

වියයුතු සියළු දේ නිමකර යළි ඒමයි

මිතුරාටද පියා දුනි තද අවවාද

මේකට උඹත් වගකිව යුතුමයි නේද

හරි ගස්සපන් වැරදුන තැන් නැත වාද

මම දෙමි සති දෙකක් මොනවත් ඕනෑද

මිනිහට කතා කරපන් ඒකිගේ කලින්

අරගං සමාවද සිදුවුණු දේට මුළින්

අකමැති වුණොත් කියපං මේ ටිකත් කෙළින්

විස්සක් ලක්ෂ දෙමි වන්දිය සල්ලි වලින්

ආපසු එද්දි මේ ගැන මිතුරන් දෙන්නා

කතිකා කළා කෙලෙසද විසඳුම ගන්නා

නිල්මිණි ගේ අයුරු මම හොඳහැටි දන්නා

සියදිවි නසාගනිතැයි බියකුත් එන්නා

පිළිකුල් නිසයි සේකර මාහා පැන්නේ

ආයෙත් එයා නම් නෑ ආපසු යන්නේ

ඒකී අහිංසකියකි අමුතුම පන්නේ

මොනවා කරන්නද කියලා නෑ දන්නේ

දරදඬු පියාගේ හැටි පුතු හොඳට දනී

දැන්නම් ඔළුව කම්මලකිය ගිනිම ගනී

අවසන ඔහුගෙ මිතුරා විසඳුමක් දුනී

ඒකට මධුවිතත් පොඩියට සහය වුනී

.....................................................ශාරා

මතු සම්බන්ධයි

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

Lakshi30http://www.blogger.com/profile/00425686580011800467noreply@blogger.com0tag:blogger.com,1999:blog-7415494188283116388.post-80490396412174954342018-11-15T20:00:00.001-08:002018-11-15T20:02:59.867-08:00ගඳ සුවඳ 12
ගඳ සුවඳ "(දොළොස් වෙළුම )

නිල්මිණි දරුව වැජඹෙති මල් ගොඩක මුදු

සේකර ගෙවයි ජීවිතයක් කටුක රුදු

යන්තම් කවයි බත් දෙකටක් අතින් හැදු

අම්මෙකුගෙනම් සෙනෙහස අඩු නොවේ වැදු

සති අන්තයේ එක්කෝ චිත්තර පටියක්

නැතිනම් කොහේ හෝ ප්‍රියසම්භාෂණයක්

නිල්මිණි ගෙවද්දී සුන්දර ජීවිතයක්

සේකර රෑට බොයි තනියම තුන්කාලක්

වත්තේ හොඳ එකා බේබද්දෙකුත් වෙලා

ඉවසා ඉනු බැරුව සේකර දුකින් බලා

දෙනෙතේ ගැලූ උණු කඳුළැලි ඉවර වෙලා

පපුවේ අමාරුව හැදිලා මවත් මළා

කිසිවෙකු නොමැති ලොව සේකර තනිවීය

මත්පැන් වලට තව තව සිත ලොල් වීය

සිරුරද කෙසඟ විය පැහැයද අඩුවීය

ඔහු ඇත්තටම ඇවිදින මිණියක් වීය

මිතුරෙකු සේකරගෙ දැකලා මේදෙන්නා

ලිපිනෙද ලියාගෙන විත් අතටම දුන්නා

දින කීපයක් නෑ සැරුවත් සොයමින්නා

යළි එන අදහසින් ඔහු ආපසු එන්නා

ඉරිදා දිනෙක නිල්මිණි හා පුතු රැගෙන

අර්ජුන ගියා කෑමට වෙනසක් ලෙසින

ඔහුගේ පියා යාපනයේ සිට එදින

කටයුත්ත්කට සිටියා කොළඹට පැමිණ

ආ කටයුත්ත නිමවාගෙන සවස් කලේ

ඔහු ආහාර ගත්තෙත් එම අවන්හලේ

පුතු අත දමා දරුවෙකු ඇති ළඳක ගෙලේ

යනු දුටු හදිසි දසුණයි හිත සසල කළේ

විපරම් කර පියා ආපසු යන්න ගියා

පසුදින ආය පණිවිඩයක් පුතුව සොයා

මෙය ලද වහා එනු අර්ජුන ගෙදර කියා

එහි තිබුණාය අණදෙන අයුරකින් ලියා

...................................................ශාරා

මතු සම්බන්ධයි

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

Lakshi30http://www.blogger.com/profile/00425686580011800467noreply@blogger.com0tag:blogger.com,1999:blog-7415494188283116388.post-41908468364936061722018-11-15T19:58:00.001-08:002018-11-15T19:58:55.151-08:00ගඳ සුවඳ 11
ගඳ සුවඳ "(එකොළොස් වෙළුම )

පවුළක් ගොඩනගා දරුවෙක් හදාගෙන

දහසක් පැතුම් පොදි හිතමත දරාගෙන

සේකර සියළු දේ නැතිවුණ පරාජෙන

වත්තට ආය යළි හිස බිම ඔබාගෙන

අම්මා සමග පැල්පත පමණයි ඉතුරු

දයිවය මිනිසුනට ඇයි මෙතරම් නපුරු

පනමෙන් ආලෙකළ ඇඹණිය විය සතුරු

දියවිය දිවිය දිය හැංගූ සේ හකුරු

මත්පැන් ජීවිතේටම නැති කටේ තබා

එකවිට බාගයක් බොයි දැන් මුවේ ඔබා

කෝ කිය කියා මගෙ පන රත්තරන් බබා

සේකර ඇවිද යයි මහමඟ ගාතෙ ඉබා

අත රැඳි පොඩි දරුවො විටකදි උදුර ගනියි

අතොරක් නැතිව තුරුළට ගෙන මුහුණ සිඹියි

සමහර නොදත් මිනිසුන්ගෙන් ගුටිද ලැබෙයි

දරු සෙනෙහස මිසෙක මිනිහට පිස්සු නෙමෙයි

අර්ජුන නිල්මිණිව හා දරුවද රැගෙන

කැළණියෙ සිටින ගජ මිතුරෙකු මුණගැසින

තොරතුරු අසා සරිලන විසඳුම ලෙසින

ඔහුටම අයිති නිවසක් නැවතුමට දින

වටවූ තාප්පෙකි වත්තේ මල් පීදෙයි

දෙමහල් නිවෙස දහ දෙනෙකුට වුව සෑහෙයි

අර්ජුන නිතර ඇයගේ තුරුළෙම ගෑවෙයි

විඳවූ ජීවිතය දැන් විඳිනව වාගෙයි

සුපිරි අවන්හල් සාප්පු සවාරිද

ඉහළ සැලුන් වල රුව හැඩ කිරීමද

නිසා ඇය දුටොත් සිහිවෙයි ඉබේමද

මේ මැරිච්ච අර ඩයනා කුමාරිද

...........................................ශාරා

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

Lakshi30http://www.blogger.com/profile/00425686580011800467noreply@blogger.com0tag:blogger.com,1999:blog-7415494188283116388.post-65619324024867245972018-11-15T19:56:00.001-08:002018-11-15T19:56:51.247-08:00ගඳ සුවඳ 10
ගඳ සුවඳ " (දසවන වෙළුම )

පුතුගේ සිනාහඬ මැද සාලෙන් නෑඟෙයි

"නිල්මිණි" කීය "මම මෙහෙ" වදනත් නෑසෙයි

විසිරුණු බඩු පවා තම දෙපයට පෑගෙයි

අදනම් පාළු ගෙය අම්බලමක්  වාගෙයි

දිවගෙන ගියා පුතු නිදනා තොටිල්ලට

හොරු ගෙන ගිහින් ඒකත් මේ ඇසිල්ලට

අඬපන් පුතේ මට පොඩ්ඩක් ඇසෙන්නට

මුරකරු දිව ආය මුගෙ කෑගැසිල්ලට

ඇරලා බැලී අල්මාරිය රෙදි දාන

හිස් බව මැවූවා එහි බියකරු හීන

අර්ජුන සමග නිල්මිණි හොරැහින් පාන

නැටුමට  තියා තිබුණා තිත අවසාන

අර්ජුන සර් ඊයේ ගේ අස්කෙරුවා

නිල්මිණි නෝනා ඔහු හා අද පිටවූවා

මෙහි සිදුවුණා මුළදිත් එකඑක ඒවා

කැඩෙතැයි පවුල මම කීවේ නෑ ඕවා

මුරකරු කීය සේකර අස්වසා හල

පිළිඹිබු වුනා දුක ඔහුගේ හැඬුම තුළ

මොනවද මුමුණ මුමුණා එය නැවත ගිල

ඔහු නැවතුණේ ගෙදරයි බණ්ඩාරවෙල

"තනිවම පුතේ ඇයි කෝ දුව හා දරුවා"

මාපිය දෙපළ සේකර පිළිගෙන ඇසුවා

"ඇය මෙහි ආවෙ නැතිදැ"යි ඔහු පිලිවිසුවා

සිදුවුණු සියළු දේ ගැන මාමට කිව්වා

බෑණගෙ දෙඬුම මාමණ්ඩිව සසල කළා

ඔහු ගුණගරුක බව ඉහළින් අගය කළා

නිල්මිණි එවලේම පවුලෙන් අයින් කළා

සේකර සනසවා ආපසු පිටත් කළා

................................................ශාරා

මතු සම්බන්ධයි

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

Lakshi30http://www.blogger.com/profile/00425686580011800467noreply@blogger.com0tag:blogger.com,1999:blog-7415494188283116388.post-20554967945659898372018-11-15T19:55:00.001-08:002018-11-15T19:55:25.638-08:00ගඳ සුවඳ 9
ගඳ සුවඳ "(නවවන වෙළුම )

ගත සිත ප්‍රබෝධයි ඉඳුරන් ගත්ත නිවා

යළි හමුවීම ගැන සිතුවා උදේ හවා

අවයව පවා ඇස ගැටෙනා විලස හොවා

නිල්මිණි වෙනස් කෙරුවා ඇගෙ ඇඳුම පවා

දවසෙම පසුවේය ඈ දැන් සතුටු සිතින්

ප්‍රීතිය කඩා හැළුණා නෙතු සඟල මතින්

සේකර පවා පැතුවේ මේ වෙනස ඉතින්

කවදා හෝ දකින්නයි තම පියඹ වෙතින්

කීවේ එදා සිට වත්තේ කිළිටි කමයි

ඈ සතුටින් සිටින්නේ මේ නිවස නිසයි

සේකර වෙලාවෙක තනිවම මෙහෙම සිතයි

රැකියාවත් වෙනස් වූවොත් තවත් හොඳයි

සේකර නැගී යද්දී කුණු ලොරිය දිගේ

දෙදෙනා මොහොතකට පීනයි ප්‍රේම ගඟේ

කවදා ලැබේවිද දිනයක් එදා වගේ

සිපගැන්මකට බෑ නිවුමට ගින්න ඇඟේ

ඉඳහිට තදින් තොල් පෙති සිපගත් දාක

හදවත තුළ නැගෙයි සිතුවිලි නෙක නේක

ඉවසා ඉන්න බැහැ තව දුරටත් මේක

ගිවිසා ගතිය අවසන ඉමු එක ගේක

දකිනා මොහොත නොසිතා ආලය කෙරුව

ලැබෙනා තත්පරේ උපරිම රස ඉරුව

කැස්සයි ආදරෙයි සගවන්නට බැරුව

අමතක වීය මුන් හට මෙහි මුරකරුව

වැටුපද රැගෙන නව රැකියාවකුත් සොයා

කුණු ලොරියෙන්ද අස්වී ලියුමකුත් ලියා

නිල්මිණි සනසවන්නට මේ පුවත කියා

සේකර එදා වේලාසන ගෙදර ගියා

.............................................ශාරා

මතු සම්බන්ධයි

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

Lakshi30http://www.blogger.com/profile/00425686580011800467noreply@blogger.com0