දෙවැනි ගමන .......
රතට රතේ අර දැක්කද හිරු අවරට............... ඇදෙනවාය
සුදට සුදේ වතුසුදු ගහ අන්න සේල ................උනනවාය
නෙතට ඉබේ මතක දිගේ තුටු කඳුලක් .........පෙරෙනවාය
සිතට මගේ නිවනක් නෑ නුඹ එන මග............. බලනවාය
රෑන ගිරවු පැණි අඹ කා සතුටු සිතිනි ඉගිල ..............ගියේ
මා වවුලන්ගේ වරමයි උන් තුරු වෙත ඇදෙති ..........රැයේ
නෑ බිං කරුවල තවමත් හෙන්දිරික්ක පිපෙන........ පැයේ
කෝ එන්නෙද ඉක්මන් කර කිමිදෙමු වෙල පහල.... දියේ
වෙල් මාලු ද බතට උයා වැහුවා දුම් මැස්සෙ............ තියා
අල්ලපු ගෙයි හොර පූසා පෙරලාගෙන කාවි............. කියා
පිල් කන්ඩිය උඩ තවමත් එලුවේ නැත පැදුර.............. දයා
සංකාවකි හිත ඇතුලේ ඇයි රන් කඳ පමා............. ඔයා
හේනේ රන් මල් පීදී ඉරිඟු කරල් මෝදු................... වෙවී
බෑනේ තනි කර එන්නත් රැකවරණය එයට ............නොවී
හීනේ මගෙ හිත තෙරපී මිහිරක් ගත තුලට.............. කැවී
පානේ එළියත් දැන් නම් රෑ කළුවට එලිය................ දෙවී
කඩුල්ලෙ සද්දෙට ටොමියා බිරුවේ එලියට.......... පැනලා
විදිල්ල වගෙ ඇහැ ඇරුනේ නෙත් ඒ පැත්තට.......... දුවලා
හැවිල්ල ඉවරයි හිමි සඳ වැඩියා හුල බිම.............. තියලා
කැදැල්ලෙ ඇත කුරුළු යුවල දැන් පහනෙ ද සිල.... නිවිලා
මංගලිකා පෙරේරා 2014/03/31 දින ලියන ලද නිර්මාණයකි.
No comments:
Post a Comment