කවි කියවන්න ආව අය

Monday, February 29, 2016

මගෙ කවි අද මට!!

~~ මගෙ කවි  අද මට ~~

පෙරළුණු පරණ පොත් අතරෙහි කඩදාසී
ලියවුණු අකුරු කුරුමිනි අඬු මෙනි රාසී
තෝරාගන්න ඒ අතරින් නොම ලේසී
මොන කවි පෙළද ලැබ දෙන්නේ අද වාසී

උඩ සිට පහළටම කියවා කිහිප වරක්
බැලුවත් නැතේ මසිතට දැනෙනා රසයක්
මේ මා එදා ආසාවෙන් ලීව කවක්
අද පිබිදෙන්නෙ නැත හැඟුමක් වීද කුමක්

පද අමුනලා රස අදහස් ගෙන රඳවා
හද හිනැහුනා පිටුවක් පුරවා නිමවා
දින දින ඇබැසියම ප්රතිභා ගුණ වඩවා
දකිනා ලෝ පුළුල්වී පිටතට නෙරුවා

සැමදා දුටු සැවුල් කරමල සුදු වේලූ
අකුරක් නොදත් අත්තම්මා පවසාලූ
අ යනුද ආ යනුද එක්වී හැඩවේලූ
මගෙ කවි මටම අද රසයක් නම් නෑලූ

නයනේත්‍රි කපුරුසිංහ කිවිඳියගේ නිර්මාණයකි.

No comments:

Post a Comment