කිත්තම්මහර 20
හිරගෙය නියම විය ටෝනිට දිවි තෙක්ම
වත්තට ආය කොම්පැනියේ රොත්තක්ම
සිදුවුණ දෙයක් ඇයහට මේ වන තෙක්ම
දන්නෙකු නොමැත ගෙව්නා සිව් වසරක්ම
ගැමියෙකු දුටුවාලු ඇගෙ රුව ළඟින් යන
වැහැරුණු ළඳක් දැරියක කරපින්නගෙන
වැරහැලි පෙරෝගෙන සැරයටියක්ද ගෙන
යට ඇති කවිය කිය කිය මග හිඟාකන
"කල හොඳ දාට කොඩිවින අහලක නොවෙති
ඇද වැටුණාම දෙවියොත් ඇස් පියං යති
දුන්නොත් මහතුනේ මුදලක් අතේ ඇති
යන එන තැනෙක වැඩි වැඩියෙන් ලැබෙනු ඇති"
..........................................................ඉවරයි
ඇරඹුම සමග අවසානය දක්වාම
මට ශක්තියක් විය දිරිදුන් ඔබසෑම
කීමට වචන නැත ස්තූතියි බෝම
තව කවියකින් හමුවෙමු අපි ළඟදීම!
ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ මුහුණුපොත් පිටුවේ පලවූ කොටස් 20 කින් සමන්විත කිත්තම්මහර කවි කතාව මෙතැකින් නිමාව සටහන් කරමි..
නිර්මාණ අයිතිය ශාන්ත රාජපක්ෂ කිවිඳුන් සතු බව කරුණාවෙන් සලකන්න .
No comments:
Post a Comment