කවි කියවන්න ආව අය

Monday, February 29, 2016

නව රුව..

~~ නව රුව ~~
අසුන් පෙළ පිරි කොනක හිඳගෙන බලා උන්නෙමි ඇති හැඩ
නේක දැති තුඩු කතුරු දැළි පිහි හරඹ කරමින් හරි වැඩ
සොඳුරු මුහුණැති කේශ කෙටි දිගු බෙලියතම එල්ලූ කඩ
සිහින් රාවෙකි නැගුණු සවනත කැපෙන කිරි කිරි හඬ මැඩ

පැහැය දේදුනු හිසෙහි තැන තැන බිත්ති සිතුවම් පරදවා
එතූ ඉටි කොළ ඉවත් කළ සඳ කැඩපතෙහි තොරණක් රුවා
කුඹුරෙ නියරද වත්තෙ තේ වැටි රටාවන්දෝ මව මවා
කතුරු දැළිපිහි ගමන් කරමින් කේශ කැබලිති වැපිරුවා

මඛාදෙව් රඳ නරකෙසක් දැක ගියා එදවස තපසට
දුකම දැක යති හිසැති කෙස් සිඳි පසන් සුව දෙයි දෙනෙතට
ජාති වෙන්කළ නේක පැහැ එන අවසනේ සුදු පැහැයට
මමත් ලෝ දම දැනම එනමුදු උවන ගමි නව රුවකට

නයනේත්‍රි කපුරුසිංහ කිවිඳියගේ නිර්මාණයකි . උපුටාගෙන පලකරන ලද්දකි .

No comments:

Post a Comment