කවි කියවන්න ආව අය

Saturday, February 27, 2016

සොබා දහම හරි සොඳුරුයි ......,අම්මේ මට කියා දෙන්න ...., (1)

සොබා දහම හරි සොඳුරුයි ......,අම්මේ මට කියා දෙන්න ...., (1)

උදයට හිරු පායනකොට මල් කැකුලියො......... හිනැහෙනවා
නෙක විසිතුරු පාට පාට ඒ මල් වල ................. තැවරෙනවා
සමනල බඹරුන් ඇවිදින් පැණි බී ඉගිලී..................... යනවා
මට තේරෙන් නෑ අම්මේ හවසට මල් පර................. වෙනවා

හිම කැටි මෙන් පුළුන් වලා පාවෙනවා අහස් .............. තලේ
මම යන තැන මා එක්කම ඇවිදිනවා පෙලින් .............පෙලේ
වැහි මේ කුළු කළු පාටයි විදුලිය එළි රනින්.................. දිලේ
මට තේරෙන්නෑ අම්මේ කවුද අහස වෙනස් ...............කලේ

කුරුළු පංති හිමිදිරියේ බෝ සතුටින්................... ඉගිලෙනවා
කිචි බිචි ගා සින්දු කියා රස කර පල වැල .................කනවා
හිරු අවරට ගිලුණු තැනේ කැදලි කරා................... පියඹනවා
මට තේරෙන් නෑ අම්මේ උන් රෑ කොහි.............. සැඟවෙනවා

වසු පැටවුන් උපන් ගමන් දුව පැන ඇවිදිනව ................ රැලේ
කුරුළු අම්ම කෑම ගෙනත් හොටින් හොටට කවයි........ කැලේ
වඳුරො පැටවු බඩ බැඳගෙන ගහෙන් ගහට පනින........ වෙලේ
තේරෙන් නෑ කවුද අම්මෙ උන්ට ඒව පුරුදු................... කලේ

මාළු පැටවු පීනනවා බටිති මලිති......................... ඉගිලෙනවා
නේක සතුන් ඇවිදිනවා තව උන් පැන පැන .................යනවා
කෝමද අම්මේ නොදැනේ මා වවුලන්................. එල්ලෙනවා
සෝබා දම හරි පුදුමයි එක එක දේ සිදු....................... වෙනවා

අඳුරු වලා පටල ඉරා සඳ දිදුලයි අහස්........................... තලේ
තරු පිරිවර නැහැ අම්මේ එදිනට ලොව එළිය................. කලේ
සඳ නැති දා තරු බබලයි මද අඳුරුයි පොලෝ .................තලේ
මම හෙවුවා කොහෙවත් නෑ හඳහාමිට මොකද ..............කලේ

දෙවන කොටස බලාපොරොත්තු වන්න.

මංගලිකා පෙරේරා කිවිඳියගේ නිර්මාණයකි. 14 නොවැම්බර් 2014 . ඇගේ අවසරය  මත උපුටා පලකරන ලදී .

No comments:

Post a Comment