කවි කියවන්න ආව අය

Friday, February 26, 2016

කොටාබෑම (වැඩිහිටියන්ට පමණයි)

කොටාබෑම (වැඩිහිටියන්ට පමණයි)

සංකා සුසුම සොව දිවියට මුන ගැහෙන
පංකාවකි විටෙක නොනැවති කරකැවෙන
හංගා හදේ ගිනි මොහොතක සිත නිවන
සෘංගාරය නොවෙද නොමිලේ හම්බවෙන

පාසැල් නොයා ඉගෙනා ගත් මෝඩකම
කරපිට තබා වෙසෙනා යුවලකිය ගම
එතනා පසුනොකල දිවිමග තරුණ ඉම
පතනා ළඳකි ගැබ්බර දරුවෙකුගෙ පෙම

සීසේරියන් නැත ඉස්සර අද වාගේ
කැක්කුමටමයි කිරි එරුණේ අම්මාගේ
සමහරු කෑ ගසයි උළු උඩ යන වේගේ
නම විලි රුදාවයි මෙය රෝගෙකි දීගේ

ගැබ බරවීය එතනාටද හැදුණි රුදා
රොහල් ගතවීය හිසවට දෑත බදා
පෙරලෙයි කෑගසයි මේ දුක දුන්නු හදා
වාහෙගෙ බුදු මිසී කපපං පිහිය ඉඳා

නොකරා බැරිම තැන ඇයගේ කට මෙල්ල
දොස්තර පැමිණියා පිහියක් කර එල්ල
හරි මම කපමි හෙට දැන් ගනු ඉවසිල්ල
කී පමණින්ම විය උපතද සැනසිල්ල

කැඳවා වෙදා පසුදින ඇගෙ වාහෙ උදේ
කිව්වා කැපු ලෙසම ඉඳු මින් පසුව හොඳේ
දරුවා සමග ඇය සැතපෙයි ගෙදර ඇඳේ
මිනිහා නිදයි දැන් එළියේ බූරු බඳේ

කාලය ගෙවෙයි වේගෙන් එක වැසි දාක
සිතුවිලි පිබිද ඇය හිමි ඇමතී රෑක
පාඩුවෙ ඉඳින් මට දැන් බැරුවා ඕක
දොස්තර එදා කීමට උඹෙ කැපු සේක

හෙළා සුසුම වැතිරුණි නින්දක්ද මොන
පෙලා ගත දවයි රා ගිනි කඳට එන
මෙසේ ඇය ඇසී ඉවසා බැරිම තැන
"කොටේ වත් නැතිද කපලා ඉතිරි උන"
---------------------------------ශාරා

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

No comments:

Post a Comment