කවි කියවන්න ආව අය

Saturday, February 27, 2016

සොබා දහම හරි සොඳුරුයි ......,අම්මේ මට කියා දෙන්න ...., (2)

සොබා දහම හරි සොඳුරුයි ........අම්මේ මට කියා දෙන්න ....(2)

අන්න අතන මල් පඳුරේ දළඹුවො විත් කොළ.................. කනවා
ලොකු වෙනකොට කෝ උන් නැහැ ගස් වල කොපු..... එල්ලෙනවා
ටික දිනකින් රන් සමනල් රෑන් පිටින්............................ පියඹනවා
මට තේරෙන්නෑ අම්මේ උන් කොතනින් මෙහි................... එනවා

හිරු පායා පොලව පැලේ වැහි වැහැලා දෙගොඩ ...............තැලේ
මද සුළඟක සිසිල වෙලේ කුණාටු ලොව සසල.................... කලේ
පවසට බොමු දිය කොතලේ මහ සාගර දිය........................ අපුලේ
කියන්න මට මහ සයුරට කවුරුද ලුණු එකතු........................ කලේ

උදයට හිරු පායනවා හවසට එය බැස ................................යනවා
නව දිනකට එළි වෙනවා රැයකට කළුවර........................... එනවා
දහවල වැඩ කරනා අපි රෑ වෙනකොට ..........................නිදියෙනවා
කියා දෙන්න මේ නීතිය කවුරුද ඇත්තේ ..............................පනවා

බඩ ගිණි වී පොඩි දරුවන් කිරට හඬයි දිළිඳු .........................පැලේ
වත් පොහොසත් තැන් වල අය කිමිදෙනවා සතුටු.................... විලේ
අද දිළිඳා හෙට කිරුළේ රජ දිළිඳෙක් ලෙස ........................සසැලේ
සොබා දහම් මව අම්මේ මොන ලෙසකද මෙහෙම................ කලේ

මල් කැකුලක් පූදිනවා විකසිත වී............................... හිනැහෙනවා
ඒ මල් පරවී යනවා පල හට ගෙන ලොකු ..........................වෙනවා
රස පලතුරු අපි කනවා ඇට ගෙන විසි කර ..........................ලනවා
අන්න බලන්නකො අම්මේ ඒ ඇටයත් පැල ....................... වෙනවා

මව් කුසයෙන් උපදින දරු කිරි බි දැඩි වෙයි.......................... බාලේ
ශිල්ප සතර උගෙන මනා ලොකු වෙයි ගත වී ....................... කාලේ
ගහ කොළ වැල් ඇල දොල මල් රැක ගත්තොත් හැම .............වේලේ
මේ සුන්දර ලොව සැමදා පවතීවිද ඇති ...............................ලෝලේ

මංගලිකා පෙරේරා කිවිඳියගේ නිර්මාණයකි .
15 නොවැම්බර් 2015 .

No comments:

Post a Comment