කවි කියවන්න ආව අය

29,529

Monday, February 29, 2016

දරු සෙනෙහසේ යුතුකම ...!!

****.... දරු සෙනෙහසේ යුතුකම ....****
ජනිත වී මෙලොව ඔබ මසිත කුල්මත් ..........කළා
නොනිමි ඒ දසුන මා සිතෙහි ඇත ..........ගුලිවෙලා
යෙදෙන සුබ අසුබ හෝ කරුනු ලෙස .....මතුවෙලා
සුදුසු ලෙස හැඟුම් දෙයි සතුට හෝ සිත .......පෙලා

පියා මව නොවෙනස්ව දරන මෙම .....සෙනෙහසේ
දයා ගුණ සමබරව රැඳුණු ගුණයකි ..............රසේ
සදාතන සිහිවටන එකින් එක ගොඩ ...........ගැසේ
ඔබේ තනුවට අනුව අපේ සිත පෙළ ...........ගැසේ

පරාජය ජය හමුවෙ හොඳින් එය මැන ..........බලා
අපේ ඇති පෙරහුරුව ඔබට ඔවදන් .............කළා
සිතේ දුක වැඩෙන තැන් සුදුසු ලෙස ........විසඳලා
ඔබේ යහපත බලා අපේ දිවි වැය ...............කළා

යොමා ඔබ යහපතට සිටිමු ඈතට .............වෙලා
සදා අප නොරැඳෙමුය කියන්නට ලං ..........වෙලා
එදා බැඳි සෙනෙහසින් වැඩුණු ඔබ දෙස .......බලා
අපේ නෙත් වැසේනම් ඔබේ යුතුකම ...........කළා

සුනිල් පෙරේරා කිවිඳුන් 21/12/2013 වන දින ඔහුගේ මුහුණුපොත් පිටුවට එක්කළ නිර්මාණයකි . ඔහුගේ අවසරය මත උපුටාගෙන පලකරන ලද්දකි .

No comments:

Post a Comment