කවි කියවන්න ආව අය

Sunday, February 28, 2016

පුංචි දුවේ...

අපි ළමා කල ලැබූ බොහෝ දේ ,මවු පදවියත් සමග අපට අහිමි වී ගියා නේද ? ඔබ එය පිළිගන්නවාද?

කන්ද කපා හිරු එන හැටි
බටිති මලිති ඉගිලෙන හැටි
මල් පොඩි  පෙති විහිදන හැටි
පොතක ලියා තිබුණා
පුංචි දුවේ මට ඒ පොත
කියවන්නට සිතුනා

ඒ හිරු නැග එන ලස්සන
ඒ මල් පිබිදෙන ලස්සන
කුරුළු ජෝඩු වෙන ලස්සන
මට බලන්න හිතුනා
ඒත් දුවේ මට කුස්සියෙ
වැඩ පල ගොඩ ගැසුනා

හවසට හිරු බැස යන හැටි
රත්  පැහැ අහසට වෙන  හැටි
අඳුරට පෙර සඳ එන හැටි
එහිම ලියා තිබුණා
පුංචි දුවේ මට ඒ ගැන
කියවන්නට සිතුනා

හිරු බැස යන හැන්දෑවට
රත් පැහැ අහසට එනකොට
අඳුරට පෙර බත පිසින්න
මං ගෙපැලට ඇදුනා
පුංචි දුවේ  ඒ දසුනත්
මට නම් මග හැරුණා

දවස උදා වෙන අන්දම
අඳුර  ගලා එන අන්දම
චමත්කාරයක කැටිකොට
සටහන් කර තිබුණා
පුංචි දුවේ උඹ ඒ ලියු
පොත මගෙ  නෙත ගැටුනා

මාත් නොදැන මගේ හිතත්
ළමා වියට ඇදුනා

මංගලිකා පෙරේරා කිවිඳියගේ නිර්මාණයකි . ඇගේ අවසරය මත උපුටාගෙන් පලකරමි . නිර්මාණ අයිතිය මංගලිකා පෙරේරා කිවිඳිය සතුය.

No comments:

Post a Comment