කවි කියවන්න ආව අය

Friday, February 26, 2016

කුඩේ කුඩු..

කුඩේ කුඩු

තෙල්බාලා මාමස්මී කිඹුල ඇලේ ගුණා
කුඩු රජවරු කියා නමින් රටේ පතල වුණා
එකෙක් ගියා රටින් දෙකක් මෙලොවින් චුත වුණා
කුඩු උරණා අසරණයට ඒකත් නැති වුණා

වරාය සහ ගුවන් තොටේ සිකුරිටි තද වුණා
දැන් කාටත් සෙල්ලම් බෑ බඩුත් නතර වුණා
ගුදයට සහ තව තැනකට ඉල්ලුම වැඩි වුණා
උපත් කොපුව ඒකට නොව මේකට සෙට් වුණා

දැන් ටික ටික ආයෙ රටේ කුඩු බිස්නස් වුණා
සුපිරි පන්නෙ සුරූපියොත් මේකට එක් වුණා
ඔහොම යද්දි රේගුවෙ ඇස් ආයෙත් ලොකු වුණා
ඔබල ගෙනාවත් නංගිට ඇදල ගන්න වුණා

ඒ සෙල්ලමටත් වැඩිකල් ආයුෂ නැති වුණා
ගුවන් තොටේ බුරුතු පිටින් බබාල බිහි වුණා
මුදලාලිල ගෙදර ගියා බඩුත් නතර වුණා
කුඩු උරණා අසරණයට ආයෙත් කෙළ වුණා

මෙන්න යකෝ මේ අස්සේ මෙහෙම එකක් වුණා
ග්‍රීස් ගෙනා ටැංකියක්ම වරායෙ හිර වුණා
මුදාහරිනු අගමැති අණ ලිපියක දිස් වුණා
ඇරල බැලුව ග්‍රීස් ඔන්න බ්‍රවුන් සුගර් වුණා

මම දන්නෑ කියල මුලදි මග හරින්න වුණා
වීරසිංහ ලිපිය ලිව්වෙ ඒකත් අහුවණා
දුන්නෙ කාටදැයි ඒකට උත්තර ලොප් වුණා
අසරණ අගමැති නාමෙත් ඕන්න කුඩු වුණා
------------------------------------ශාරා

ශාන්ත රාජපක්ෂ කිවිඳුන් වසර 2013 දෙසැම්බර් මස 13 වන දින රටේ එවකට පැවති තත්වය පිලිබඳව ලියූ කවි පන්තියකි. ඔහුගේ අවසරය මත උපුටා පලකරමි.

No comments:

Post a Comment