කවි කියවන්න ආව අය

Friday, February 26, 2016

ඉංදුගෙ ලංසුව 1

"ඉංදු" ගෙ ලංසුව (පළමු පෙළ)
දුක් කම්කටොළු නැති සුන්දර ළමා විය
ගෙවනා ඇයට පිය සෙනෙහස සවිය විය
පිණ ඇති නමුත් පවටද පොඩි ඉඩක් විය
මව නැත කුඩම්මා තරමක් නපුරු විය

අම්මා නැති ඇයට අප්පා වුණත් පියා
වැදුවා කුඩම්මා දරුවෙකු පුතෙකි එයා
නොලසා ලැබුණු ඇමතුම මගෙ දුවේ කියා
ඇදුණා එතැන් සිට සුරතල් රැඟුම් සොයා

කීවේ නෙරා එන පියොයුරු ඉදිරියට
ඉඟියකි ළමා වයසට සමුදෙන බවට
පිපෙණා මලක මුදු ඇත්දළ පැහැ සමට
කැපුණා අක් බඹරු නාදළු දිගැසකට

වැඩපල පිළිවෙලය පාසැලෙ හොඳ නමය
ක්‍රීඩා පිටියෙදිත් ලැබුවේ දිණුමමය
දුක මැද සෙවූවෙත් නොපෙනෙන සතුටමය
හැමටම වඩා වැඩි ඇගෙ එඩිතර කමය

හුරු ලෙස ගිනිපුපුරු කම්මලෙ බල්ලාට
පීඩා කුඩම්මගෙ පුරුදුයි දැන් ඈට
කොතරම් කළත් මේ මහ මැහැළිය කූට
දුටුවේ වපරැසිනි "ඉන්දු" ගෙ පිංපාට

මේ මහ ඉඩම් ගොඩ මඩ යයි බෙදීලා
මෑ නිතරම සිතයි නුවණැස යොදාලා
කෑදර කමට ගුණමකු කම එතීලා
දූ ගන කියයි ගතු කේළම් ගොතාලා

පියා ගනන් නොගනී මේ කිසිම දෙයක්
සොයයි මැහැළි දුව මෙතනින් මුදන මගක්
දෙව්දතුන්ට බුදුගුණෙ වෙද අමුතු දෙයක්
ලෙසින් සොයා ගති කෙළඹිය කපටි මගක්

----------------------------------------ශාරා
කෙළඹිගෙ කපටි මග කෙතරම් දරුණු දැයි
බැලුවොත් දෙවැනි පෙළ මිතුරනි පසක් වෙයි
පන්හිඳ සොයන්නේ ඔබගේ උදව්වයි
ඉංදුගෙ ලංසුවට එය මහ මෙරක් මැයි

No comments:

Post a Comment