කවි කියවන්න ආව අය

Friday, March 11, 2016

සවුදියේ වැස්ස..

සුනිල් පෙරේරා
21-11-2013

****.... සවුදියේ වැස්ස ....****
සවුදි රට තුල සුවය ..............සදලා
වසර අග නිසි පරිදි ...........වැහැලා
සියලු දන මන පුබුදු ............කරලා
වියලි පොළොවට වතුර ......ලැබිලා

මෙරට වැසි පල නොමැත .වැඩියෙන්
වසරකට දෙවරකිය .........නිතියෙන්
වසින විට එය නොමැත .....සිරියෙන්
මෙලෙස එය ගැන කියමි ...කවියෙන්

නොමැත ඇල දොළ අගල ......සදලා
මග දෙපස යට වෙනව......... ගලලා
යනෙන පිරිසට අවැඩ ..........කරලා
පොළොවටම එය යනව .......උරලා

වසර අග වැසි හිමද ........ගෙනදෙයි
කතර සිසිලට යසට ............හරවයි
හතරවෙනි මස නැවත .......වැසි එයි
සුපිරි උණුසුම යලිදු ........පැමිණෙයි

සුනිල් පෙරේරා කිවිඳුන්ගේ නිර්මාණයකි.
......21/11/2013......

No comments:

Post a Comment