දඩයක්කරු සුරත දුනු හී මාන ගෙන
මියුලෙක් පසු පසින් වනයෙහි හඹා යන
පවසිත් නොසිත දඩ මසටම ලොබ බඳින
උගුලක් ඇටවු තැන සිරවුනි මියුලඟන
අවි අත හැරුනි දුටු විට මුවඟනගෙ වත
සවි ගෙන බැමි ලිහා නිදහස ලැබුණි ගත
දිවි ඉල්ලා යදින කඳුලැලි පිරි දෙනෙත
දුටු සඳ සැලුනි දඩයක්කරුවාගෙ සිත
ඔසවා ඇයව මුදු වදනින් සනසමිනේ
රඳවා සුව කළා රුහිරය ඔසු සෙවනේ
සරනා විටදී ඔහු තනියට වන අරණේ
සෙවනැලි සේම නිරතුරුවම ඇය රැඳුනේ
රුදු සිත මෙලෙක් වි අවි බිම අත හැරියේ
දිවි මග වෙනස් වී යහගුණ පිරිනි ළයේ
පැටලුනු උගුල හොඳ පැත්තට හැරී තියේ
මුවඟන කිසි දිනක නැත ඔහු දමා ගියේ
ආර්ය ගමගේ කිවිඳුන්ගේ නිර්මාණයකි
04/03/2016
No comments:
Post a Comment