කවි කියවන්න ආව අය

Saturday, April 30, 2016

උන්මත්තකයාගේ සිහින ලෝකය

උන්මත්තකයා ගේ  සිහින ලෝකය
**********************************
ගුවන  එපා වී පුන් සඳ කුමරිට කඩුපුල් ටික ටික..............ඇහැරෙද්දී
නුඹගෙ  මුහුණෙ ලැග බැබැළී හිනැහුනු මගෙ හදවත නැළැවිණි පැද්දී
තරු වැල්  වට වී මාල ගොතාගෙන සරසා ලන්නට ගෙන...........එද්දී
බිම  පෙරලාගෙන සිඹ සිඹ ඉන්නට ආසයි සිහි කර රස..............සිද්දී

රණහස  යුවලක් අනෝතප්ත විල පියඹා විත් හිරු රැසට......හොරෙන්
මල්  ගෝමර ළැම අස්සට රිංගා හැංඟි එබෙනවා දුහුළු............තිරෙන්
උන්ගෙ  පහස විඳ නිදි සුව ලැබුමට මේ ජාගර හිත සැළෙත.....වැරෙන්
හිරි  ගඩු නැගෙනව හීතල දැනි දැනි මගේ තුරුල්ලට හනික......වරෙන්

නා  මල් උයනෙන් ලෝහිත පැහැ දළු මඳ සුළඟේ ටික ටික.........පා වී
ගීයක්  මුමුණත මා නුඹ ළඟ හිඳ තොල් පෙති මත හෙමි හිට........යා වී
හාදු  වැස්සකින් එක පිට එක දෙන සුර ලොවකට අප .........ගෙනයාවී
කෝඩු  කම එහෙත් මා උසි ගන්වන සුවඳින් හදවත යයි..............නෑවී

නුඹගෙ  කිහිලි තුළ නිල් සෙවෙළක් සේ රැඳි ලොම් දාඩිය සුවඳ......උරා
එක  සෙයියාවෙන් දෑත පටලගෙන ඉන්නට ආසයි දවස................පුරා
ඇහැට  අැහැ රඳන් හිතේ උමතු කම අවුලත නුඹගේ බැල්ම...........නුරා
හිරිකිත  කමකින් ම'හද සසළ  වෙයි අමුතු ලොවෙක සිහිනයෙන්.....සරා

සපු මල්  නා මල් සුසුදු සමන් මල් සුවඳ ගලන විට නුඹගෙ.......ගතෙන්
පරසතු  කැකුළක මිහිරි සුගන්ධය එලියට පනිනව මගේ...........හිතෙන්
ආදර  දිය ඇලි විසිර ගලද්දී කෝකිල ගී  නඳ ගදඹ...................තතෙන්
නුඹෙයි  මගෙයි දෙහදේ රස ගල ගල මධු උතුරයි පෙම් ගීත,,,.පොතෙන්

කිරි  මුතු පරයන දසන් විදා පා, නා  දළු තොල් පෙති යුගල..........තුළින්
පිරි'තිරි  ආදර ගඟුල පුරා පිපි හස රැළි හෙල්මැලි කුමුදු.................වලින්
සිරිදුව  සිරි දැරු නුඹෙ තුන් ඉරි ගෙල සරසනවා මං සුවඳ..............මලින්
හරිහමනැක්කේ  මට බහ දෙනවද හිරු බැස හඳ නැග එන්න.........කලින්

වැට  දිග මදු මල් එකතු බෙකතු කර තැනු මල් මාලා සිහි............කරලා
හීන්  සීරුවේ ඔය රන් සුසිනිඳු සුකොමළ අත් මගෙ ගෙල.............පටලා
කෑදර  දෑසින් මා දෙස බල බල ආදර  රස වදනක්.....................දොඩලා 
හාදු  වැස්සකට තෙමෙමින් හිඳිමුද දවස පුරා වට පිට................නොබලා

+++++++++++++++++  විජය  මාපලාන කිවිඳුන් වසර 52 කට පෙර ලියූ කවි පෙලකි.

No comments:

Post a Comment