පෙදරේරුවෙකු වූ ඇන්ටන් තරුණ වියේ
කටුපොත චන්දිමා හා සුබ සරණ ගියේ
දහසක් සිහින නැතුවත් අතු පැලක ප්‍රියේ
අපි දිවි ගෙවමු යන හැඟුමෙනි මතුවු ලයේ
කටුපොත චන්දිමා හා සුබ සරණ ගියේ
දහසක් සිහින නැතුවත් අතු පැලක ප්‍රියේ
අපි දිවි ගෙවමු යන හැඟුමෙනි මතුවු ලයේ
අගහිඟ නොමැති මේ දෙන්නගෙ කැදැල්ලට
කිරි සුවඳකින් මුළු ගෙපැලම සුවඳ කොට
චාරුක පුතා එක්විය තනි මකන්නට
වෙහෙසයි පියා තව අතමිට හොයන්නට
කිරි සුවඳකින් මුළු ගෙපැලම සුවඳ කොට
චාරුක පුතා එක්විය තනි මකන්නට
වෙහෙසයි පියා තව අතමිට හොයන්නට
සිව් වසරකින් චාමර පුතු හම්බවුණා
ආදර කැදැල්ලද ටික ටික පළල් වුණා
අගහිඟ හෙමින් ජීවිතයට ළඟා වුණා
රෑ නිදි යහන මේවට ගීතිකා වුණා
ආදර කැදැල්ලද ටික ටික පළල් වුණා
අගහිඟ හෙමින් ජීවිතයට ළඟා වුණා
රෑ නිදි යහන මේවට ගීතිකා වුණා
ඊජිප්තුවේ අක්කගෙ අනු දැනුම පිට
ඉගිලුණෙ චන්දිමා රට රැකියාවකට
කළ යුතු වෙනත් පිළියමකුත් නොමැති කොට
සිය සැමියාගෙ බලවත් අකමැත්ත පිට
ඉගිලුණෙ චන්දිමා රට රැකියාවකට
කළ යුතු වෙනත් පිළියමකුත් නොමැති කොට
සිය සැමියාගෙ බලවත් අකමැත්ත පිට
අවුරුදු දෙකක් ගෙවුණා උද්ධමනෙ සුවයි
හැම මාසෙකම නොවරදවා සල්ලි එවයි
සල්ලිම නොවේ සතුටින් ඉමු ඔයයි මමයි
එන්නට කියයි ඔහු ඇය තව ඉන්න හදයි
හැම මාසෙකම නොවරදවා සල්ලි එවයි
සල්ලිම නොවේ සතුටින් ඉමු ඔයයි මමයි
එන්නට කියයි ඔහු ඇය තව ඉන්න හදයි
තව දෙවසරක් ගතවිය ඇය කියන නිසා
තද වෙනසකුත් දිස්විය ඇගෙ ස්වරය අසා
සිව් වසරකුත් සය මසකින් තිබුණු වසා
ඇය පැමිණියා සිය පවුලේ අඳුර නසා
තද වෙනසකුත් දිස්විය ඇගෙ ස්වරය අසා
සිව් වසරකුත් සය මසකින් තිබුණු වසා
ඇය පැමිණියා සිය පවුලේ අඳුර නසා
ආදා පටන් නැවතත් යන බණේමයි
කඳ ලංකාවෙ සිත ඊජිප්තුවේමයි
ඇන්ටන් දරුවො දෙන්නයි අපි හැමෝමයි
යමු ඇය කිව්වෙ රට ගැන පුන පුනාමයි
-------------------------------------ශාරා
දරුවන් හා හිමිද මව් හදකට උරුම
සතුටක් යට තිබේ අප නොසිතන කරුම
නොකරන දේ කරයි යටි හදවත් නරුම
ඒ ගැන කියයි මෙහි ඊළඟ දිග හැරුම
ශාන්ත රාජපක්ෂ (ශාරා) මහතාගේ කවි පන්තියකි. ඔහුගේ අවසරය මත උපුටාගෙන පලකරන ලදී..
කඳ ලංකාවෙ සිත ඊජිප්තුවේමයි
ඇන්ටන් දරුවො දෙන්නයි අපි හැමෝමයි
යමු ඇය කිව්වෙ රට ගැන පුන පුනාමයි
-------------------------------------ශාරා
දරුවන් හා හිමිද මව් හදකට උරුම
සතුටක් යට තිබේ අප නොසිතන කරුම
නොකරන දේ කරයි යටි හදවත් නරුම
ඒ ගැන කියයි මෙහි ඊළඟ දිග හැරුම
ශාන්ත රාජපක්ෂ (ශාරා) මහතාගේ කවි පන්තියකි. ඔහුගේ අවසරය මත උපුටාගෙන පලකරන ලදී..
No comments:
Post a Comment