මී පුප් ලදිම් (දෙවන දිගහැරුම)
නොදමා ඉවත නොකඩා තැනු කැදැල්ල
දරු දෙදෙනාද ගෙන ඇගෙ අස්වැසිල්ල
සලකා යැදුම නොසිතා දුර බැලිල්ල
පිටවිය මිසරයට පවුලේ සියල්ල
දරු දෙදෙනාද ගෙන ඇගෙ අස්වැසිල්ල
සලකා යැදුම නොසිතා දුර බැලිල්ල
පිටවිය මිසරයට පවුලේ සියල්ල
සතුටින් දෙමසක්ම එහි විසිතුරු බැලුවා
පාසැල් වාරයත් හරි අපි යමු කිව්වා
අක්කල තිදෙන මේ දෙබසට කට දැමුවා
උන් කී දෙයට සියොළඟ දහදිය ගැලුවා
පාසැල් වාරයත් හරි අපි යමු කිව්වා
අක්කල තිදෙන මේ දෙබසට කට දැමුවා
උන් කී දෙයට සියොළඟ දහදිය ගැලුවා
මුන් හුරු කරමු පොඩි කාලෙම ඉපැයුමට
දැන් කිසි තැනක් නෑ ඔය බොරු ඉගැනුමට
උන් කී දෙයින් හැරවුණි මෙය ගැටුමකට
පිටවුණි බිරිඳ දරුවන් ගෙන උන් ළඟට
දැන් කිසි තැනක් නෑ ඔය බොරු ඉගැනුමට
උන් කී දෙයින් හැරවුණි මෙය ගැටුමකට
පිටවුණි බිරිඳ දරුවන් ගෙන උන් ළඟට
පැයකින් පැමිණි තිදෙනෙක් ලේ පනින තුරු
තැලුවා ඇන්ටන්ට උන් හැම මිසරවරු
ආ ගිය තැනක් නෑ අක්කල බිරිඳ දරු
පිහිටද කාගෙ මහමග රට නොමැත හුරු
තැලුවා ඇන්ටන්ට උන් හැම මිසරවරු
ආ ගිය තැනක් නෑ අක්කල බිරිඳ දරු
පිහිටද කාගෙ මහමග රට නොමැත හුරු
ඇවිදියි පිස්සුවෙන් ඔහු හිස හැරුණු අත
තඹ දොයිතුවක් කුස ගින්නට අතේ නැත
මේ හැම දුටුව සිංහල තරුණියක සිත
උණු වී ගෙනගියා මොහු රෝහලක් වෙත
තඹ දොයිතුවක් කුස ගින්නට අතේ නැත
මේ හැම දුටුව සිංහල තරුණියක සිත
උණු වී ගෙනගියා මොහු රෝහලක් වෙත
දැනගෙන පුවත ළිපිනය ගෙන තිබුණු ලියා
ඇන්ටන් කැටුව ඇය අක්කව හොයන් ගියා
සිටු මැදුරකිය අණ ලෙස ඔහු එළියෙ තියා
මුරකරු තරුණියව ඇතුළට රැගෙන ගියා
ඇන්ටන් කැටුව ඇය අක්කව හොයන් ගියා
සිටු මැදුරකිය අණ ලෙස ඔහු එළියෙ තියා
මුරකරු තරුණියව ඇතුළට රැගෙන ගියා
ඇතුළෙන් ඇසෙයි මහ හයියෙන් ගෝසාව
කටහඬ පමණි ඔහු නොදනියි භාෂාව
තම පණ සදිසි දරු දකිනා අාශාව
දිරිමත් කළා මේ අසරණ මිනිසාව
----------------------------ශාරා
සිදුවුණ සිදුවීම සිටු මැදුරෙහි_______ නරුම
අමතක නොවෙයි කෙනෙකුට දිවි ඇති තුරුම
මිනිසුන් කෙරෙහි මට ඇතිවන___ කලකිරුම
මිතුරනි බලනුු මෙහි අවසන් දිග_____හැරුම
ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ කවි පන්තියකි. ඔහුගේ අවසරය මත උපුටා පලකරන ලද්දකි.
කටහඬ පමණි ඔහු නොදනියි භාෂාව
තම පණ සදිසි දරු දකිනා අාශාව
දිරිමත් කළා මේ අසරණ මිනිසාව
----------------------------ශාරා
සිදුවුණ සිදුවීම සිටු මැදුරෙහි_______ නරුම
අමතක නොවෙයි කෙනෙකුට දිවි ඇති තුරුම
මිනිසුන් කෙරෙහි මට ඇතිවන___ කලකිරුම
මිතුරනි බලනුු මෙහි අවසන් දිග_____හැරුම
ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ කවි පන්තියකි. ඔහුගේ අවසරය මත උපුටා පලකරන ලද්දකි.
No comments:
Post a Comment