කවි කියවන්න ආව අය

Friday, February 26, 2016

කිත්තම්මහර 15

කිත්තම්මහර 15

අනියම් පෙම නිසා පිය පුතු මරාගනී      
කිත්තම්මහර වත්තම ලේ විලක් වුණී  
දෙදෙනා අතම අවි පොලිසිය සොයාගනී   
පසුදා පුවත් පත් මුල් පිටු වසා ගනී       

සුරංගනී පොලිසිය බාරෙට ගැනුණා
මිනී දෙකම විනිසුරු ඉදිරියෙ කැපුනා
පුතුගේ නළලතින් උණ්ඩය ගොස් තිබුණා
පියාගෙ හිස වම්පස පොඩිවී තිබුණා   

ලොක්කගෙ ගිනිඅවියෙ තිබු සලකුණු ඇඟිලි
සසැඳී තිබේ යන මග විය හෙලි පෙහෙලි
ඉන්පසුවයි   නූලෙ මතුවුනෙ ගැට කැරලි
පුතුගේ අවියෙ නෑ හරි සලකුණු ඇඟිලි
................................................ශාරා
මෙහෙයුම් පිරික්සුම් වෙනතක යනායුරු
පෙනුනත් තිබේ ඉදිරියෙ බාදක  පවුරු
බලමුකො නූල් බෝලය ලෙහෙනා අයුරු
ලොක්කගෙ මාරයා විය හැකිදෝ කවුරු

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

No comments:

Post a Comment