කවි කියවන්න ආව අය

Friday, February 26, 2016

කිත්තම්මහර 14

කිත්තම්මහර 14

වෙනදා පුරුද්දට මෙදිනත් පාන්දර
දෙවනි ගමන යයි ඇය දොර මෑත්කර
නොදැනෙන පරිදි තබමින් පියවරින් වර
පසු පස ඇදෙයි නිදි මෙන් සිටි පෙරියදොර

කොටුවිය අතට අවසානයි රඟමඩල
ඇරඹිය ගැටුම ප්‍රබලව පියපුතු දෙපළ
අප්පා අතේ රැඳි ගිනිඅවියේ අගුල
ඇදුනා සිදුරු කර පුතුගේ හිස් කබල

තව වෙඩි හඬක් ඇසුනා සුළු මොහොතකදී
පෙරියදොරේ බිම වැටුණා මරහඬදී
සුරංගනී පැන ගත්තත් විලාප දී
සිහිසුන්වී ඇද වැටුණා දොර ළඟදී
........................................ශාරා
පලඟැටියා ඉවරයි ගිනිසිල හමුවේ
කඳුගැට නැග ගියාම පල්ලම් හමුවේ
අපරාධය කළාම දඬුවම හිමි වේ
ඉවසනු තව මෙය අවසානයම නොවේ

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

No comments:

Post a Comment