කවි කියවන්න ආව අය

29,583

Saturday, February 27, 2016

කිත්තම්මහර 17

කිත්තම්මහර 17

එක අංකයක් විය ඇමතූ හැමදාම
සැකයට හේතු ඒගැන දන්නෑ කීම
ඩයලොග් ඇමතීය හමුවිය විමසීම
ඇරඹුණි ප්‍රශ්න  එක නියපොතු ගැලවීම

මුළදී මම අහිංසකයි කීවේය
මැදදි ඇහේ කඳුළුත් නැග ආවේය
පොල්ල දැක්ක ගමන්ම කෑ ගෑවේය
කුකා වෙච්ච ඔක්කොම ඇද බෑවේය

බෝතල් බයිට් අවි ආයුධ ජිප් එකට
පැටවුණි කුකත් දැම්මා පිටුපස මැදට
කිත්තම්මහර අබිරහසේ කඩඉමට
පිටවුණි හයදෙනෙක් ඊළඟ දඩයමට
............................................ශාරා

කොහෙද ගියේ මම දන්නෑ අපෝ රහස් ඕවා
නොලිය ඉන්ඩ බැරි හින්දා මේ ටිකවත් ලීවා
තවත් එකෙක් පොලීසියෙන් අද කුදලං ආවා
වැඩිදුර ඇති කරුණු හෙටයි කට්ටිය බුදියෑවා

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි .

No comments:

Post a Comment