කවි කියවන්න ආව අය

29,495

Saturday, February 27, 2016

කිත්තම්මහර 16

කිත්තම්මහර 16

ගත්තා ඇන්තනී සැකපිට වැඩක් නෑ
ඇන්නා දෙකතුනක් ඌ කට අරින් නෑ
"අම්මට තොගේ"අඩි හැප්පුව ඒත් නෑ
එල්ලුව පරාලෙක පොලිසිය ඇරියෙ නෑ

වැහුවා දාල අහවල් දෙක ලාච්චුවේ
ඇරියා හිල දිගේ කම්බිය සූප්පුවේ
ලොක්කා ඇවිත් නැත්නම් මෙය නැවත්තුවේ
මේ වෙනකොටත් ඇන්ටා කැරකෝප්පුවේ

පොලිසියෙ බුද්ධි අංශේ ගිජුලිහිනි නෙත
හැරවුණි වලව්වේ සිටි කෝකියා වෙත
කෙරුවත් ප්‍රශ්න පාරක්වත් ගැහුවෙ නැත
තිබුණා හෝඩුවාවක් දුරකතනෙ මත
.............................................ශාරා

නම්බරයක්ද හෝ පටිගත වූවක්ද?
එළිවිය සියළු දේ නොකරම හූ සද්ද
සැනෙකින් නියම තැනටම විසිවිය මද්ද
හෙට අපි බලමු විශ්වාසෙට ගත හැක්ද??

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි .

No comments:

Post a Comment