--දුක දිනා ජයගත් මිනිස්සු--
---හරිස්චන්ද්ර (මුල් වෙළුම)
මාවත වැටී නැත මල් පාවාඩ මතින්
කටු ගල් බොරළු බාදක ගිරි දුර්ග මැදින්
අන්තර්ගතය එයමුත් ජයමගක ඉතින්
මැකුවේ "හරිස්චන්ද්රයි" ඉතිහාස පොතින්
මාතර සිටුතුමා ලෙස රටවට පතල
මතකද "ඕදිරිස් සිල්වා" ගැන ප්රබල
සිව්වන පුතා ලෙස සිටුගේ මල් කැකුළ
මේ පොඩි "හරිස්චන්දර" ඉපදුණි එකල
සිටුවර තාත්තා මේ පොඩි කොල්ලාට
නාලන්දාව තෝරාදුණි සිප්සතට
කළ කැපවිම මත එල්ලී පොත පතට
තේරුණි කොළඹ යුනිවර්සිටි කොලිජියට
නිමකැර උපාධිය දිනයෙදි විසිර යන
භාරත ඇදුරු තෙම කොල්ලව බදාගෙන
උඹ යනු එපා රැකියා හෙම හොයාගෙන
කීවා තරුණ නිලකුණු දැන හැඳිනගෙන
"ළමයෝ මක් කරන්නෙයි දැන් ඉන්නෙහිතා"
"බිස්නස් තාත්තේ" නොපැකිල කීය පුතා
සිනමා හලද පොත් මැදුරද පසිඳු ඉතා
පවරා දීය පුතුහට පාලනය පිතා
"මාතර බ්රෝඩ්වේ" පතලම දකුණු ලක
මොහු නව මැනේජර විය නැත දියුණ සැක
මිලදී ගන්න පොත් ආ යුවතියක් දැක
සැසලී වෙලී පැටළුණි පෙම් දමක එක
ගුරුවරියකිය "කොරනේලිය හාන්ති"
සිටු පවුලම වුණා මේ ගැන කේන්ති
නෑ මම බඳිමි නැතුවට මට ශාන්ති
පෙමකට පිදී සිටු දිවියෙම කාන්ති
අතහැර මහා ධන සම්පත ලැබිය යුතූ
ඇරඹී යුග දිවිය නැති වත්කමක් සතූ
දස අත දුවයි හිත කරමිද කුමක් මතූ
දුන්නා පියඹ දෑතට යම් දෙයක් එතූ
-----------------------------ශාරා
දෛවය හරිස්චන්ද්රට සලකාපු හැටි
ඇරඹුම මෙසේ විය දෙවනුව බලනු වටී
කොතරම් කෑවාද ඉරණම තුළින් ගුටි
දැනගනු රිසිද ?අදහස මෙහි කරනු කැටි
ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි
වසර 2012 ක් වූ ඔක්තෝබර් මස 17 වන දින ලියන ලද කවි පන්තියකි . දෙවන කොටස බලාපොරොත්තු වන්න.
No comments:
Post a Comment