නිම්මා නැති මේ සසර පුරාවට සෙනෙහස විහිදන සුවඳ ............සඳුන්
පෙම්මාදර ළය ලොවක් තනන්නට ජීවය හැමවිට වෙමින්.......... බඳුන්
නම්මා මුළු ලොව ගරු පුද දෙන්නට ජනිතව සුවඳැති මලසෙ..... ළඳුන්
අම්මාවරු විය දෙවැනි බුදුන් ලෙස ලොව උයනක් කරවන්න..... නඳුන්...
බෝරුක විලසට පිදුම් ලබන්නට බුදුවරු හැර කවුරුද ...........ඉන්නේ
බාධක හිරිහැර මහමෙර සේ වුව කිකලද ඒ ගැන බිය............ වන්නේ
දාරක පෙම ගැන පොතක් ලියන්නට අම්මේ ඔබ ගැන හැකි ...වන්නේ
නෑසැක මතු හැම උපදින භවයෙහි නැත කිසි විටකදි දුක් .......වන්නේ
දරු සෙනෙහස ඇගෙ නොමියයි කිසි විට මේ ලොව හැර ගිය මුත් අම්මා
හුරු කර යහගුණ මිනිසෙකු කෙරුමට තම සැප ඇය ඉවතට .......දැම්මා
සරු දිවි පෙවෙතක් උරුම කරන්නට වෙහෙසුන හැටි ඇය නැත...නිම්මා
නිරුදක කතරක දිය උල්පත ලෙස අමිළවු අගයකි අපෙ............. අම්මා
සොඳුරු ලොවක හිරු පායා එන්නට අත දෙන පෙම්බර කුළුණු ...ගුණේ
මැදුරු තුලද පැල්පත වුව හිමි තැන කිසිදා සඟවා නොමැත .......සෙනේ
අඳුරු කරන්නට බැළුවත් ඇගෙ ලොව සමහර දුදනන් විලස .......අනේ
සිදුරු තුඩක්වත් ගැසියැකි වෙනවද මව් වරු විලසින් ලදැති......... පිනේ
කුළුණු ගුණය හැම මවකට පෙන්වා ගරු කටයුතු සිදු කල .......යුත්තේ
දරුණු නොවී පියවරුනි මවක් වෙත සෙනෙහස පුද කල යුතු ....සත්තේ
පිරුණු ගුණය මව් කෙනෙකුට සම ලෙස පියවරුනට කිසි විට .නැත්තේ
කරුණු දැනෙන පියවරු හැම දරුවන් ඉනු මැන මල් ලෙස එක ඉත්තේ.....
පී.මුණසිංහ කිවිඳුන්ගේ නිර්මාණයකි.
සිත නිවන කවි...12/05/2013...
කවි කියවන්න ආව අය
29,529
Friday, February 26, 2016
අම්මාවරුනේ
Labels:
පියසේන මුණසිංහ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment