කවි කියවන්න ආව අය

Friday, February 26, 2016

මහළු නොවන සෙනෙහස

~~~ මහළු නොවන සෙනෙහස ~~~
දු දරුවනගෙ සෙනෙහස අහිමිව යද්දී...
තනිකම මහළු දිවියේ නිති රජයද්දී...
අතපය වාරු නැතිවී ගත වෙවුලද්දී...
ඉන්නේ නුඹ පමණි මහළුව තනි වෙද්දී...

අතිනත අරන් නුඹ කැන්දන් ආ දවසේ...
සෙනෙහස රැකවරණ ලැබ දුනි නිති සුවසේ...
අද බැරිකමට අසරණ කම මත මෙලෙසේ...
නුඹෙ වාරුවෙන් දිවි රැක ගමි හැකි විලසේ...

මගෙ දිවි නිමවන්ට ඇත්තේ තව ටික දිනකී...
මගෙ ජීවිතෙත් දැන් නම් නුඹ හට බරකි...
නුඹ මේ ලෙසින් උන්නට මගෙ ළඟ සුරැකි...
කවුරුද නුඹ රකින්නේ ගිය විට මා වියැකී...

මගෙ නෙතු පියෙන්නට පළමුව දිනයකදී...
පතනෙමි නුඹට යන්නට මෙලොවට සමුදී...
ඉටුකරලන්න දෙවියනි මෙය හැකි විටදී...
ඇගෙ අවසන් හුස්ම ගනු මැන මට පෙරදී...

ලක්ෂ්මන් නයනකාන්ත.

No comments:

Post a Comment