කවි කියවන්න ආව අය

Saturday, February 27, 2016

රිය...

----------රිය-----------
හුචු හචු හොස් හොස් හූ හඬ නංවන දුම්--- රිය
නිතර කැඩෙන අපට උරුම ලංගම බස්---- රිය
ලලනා රුව තව වැඩිවෙයි බැන්දම හව---- රිය
ඔයා හරිම හැඩයි චූටි ඇන්දම ඔස--------- රිය

අහං ඉන්න බැරි උනාම ඇගෙ කං කෙඳි-- රිය
අහක බලාගෙන කියන්නෙ ගෑනිට හැති---රිය
අහස වටේ කළු කරගෙන එනකොට ඇඳි- රිය
අනේ ඔයා තමයි මගේ රංකඳ සොඳු------ රිය

පණ ගියාය පොඩි එකීට හොයලා ඩව්--- රිය
ඒක ටිකක් අඩු උනාට බෑනගෙ ගෝ----- රිය
ලොකු එකාගෙ ගෑනි තමයි වදකම බා--- රිය
විඳවන්නට බැරි නැන්දම්මගෙ පං පෝ--- රිය

කටට රසැති ඇඟට ගුණැති කෑමකි ලැව-- රිය
අනාගතේ සරුවෙනවා කෙරුවොත් ඉති-- රිය
හිනාවෙවී නැරඹිය හැකි නැටුමකි සොක- රිය
අන්තිමේදි අපි කාටත් උරුමයි කළු -------රිය

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි .

No comments:

Post a Comment