****....නුතන ගෙදර බුදුන්....****
හිමිදිරි උදේ අවදිව නිවසට .................පණදී
දවසක උදාවක අරුතට නිසි ..............තැන දී
අරුණලු හිරු කිරණ ලොව පුබුදන .........පරිදී
පෙරදින වෙහෙස නොතකා දිරියෙන් .....පුබුදී
දරුවන් ලෙසම වැඩිහිටි අයටද .........කරුණා
තෙරුවන් සරණ පාමින් නොලසව ....දෙමිනා
විරුවන් හැදීමට යුහුසුළු වෙර ..............දරනා
ඔබවන් ළඳුන් ලොව කිරුළට සම ...කෙරුනා
දුවෙකිය මවෙකි සෝයුරියෙකි .......බිරියක්ය
සැලකිය යුතුය ලෙන්ගතුකම .........සවියක්ය
නිසිමග වෙතට මා යොමනා ........ඇදුරෙක්ය
පිවිතුරු බවෙහි පරිනත .............සාගරයක්ය
නිසිතැන අවැසි ලෙස දැඩි හෝ ...මටසිලුටින්
කටයුතු අපගෙ සිදුවේ ඇයගේ .........පිහිටින්
දිවිමග මෙතෙක් ගිය එම රාවය .......ම’දුටින්
ඇගයිය යුතුය නුතන ගෙයි බුදු ........සතුටින්
සුනිල් පෙරේරා කිවිඳුන්ගේ නිර්මාණයකි ඔහුගේ අවසරය මත උපුටාගෙන පලකරන ලදී (05/11/2014)
No comments:
Post a Comment