--------ජොරා------
පන්තියෙ මිතුරෙකිය ඔහු මගෙ මුලම පටන්
හැම දේකටම ගහගත්තේ නිතර කටෙන්
කොයි දේකටත් අත උස්සන නොවී බියෙන්
උගෙ නම කොල්ලො පටබැන්දේ නාකි ජොරන්
හැම දේකටම ගහගත්තේ නිතර කටෙන්
කොයි දේකටත් අත උස්සන නොවී බියෙන්
උගෙ නම කොල්ලො පටබැන්දේ නාකි ජොරන්
මතකය පරිදි එය අට වසරයි මාගේ
සිතකය දෙකම පොතටම ඇත කොයි කාගේ
ගණිතය පාඩමයි ගතවුනි මුල් භාගේ
මහතැන් වලින් පැන්නා ඇතුලට වේගේ
සිතකය දෙකම පොතටම ඇත කොයි කාගේ
ගණිතය පාඩමයි ගතවුනි මුල් භාගේ
මහතැන් වලින් පැන්නා ඇතුලට වේගේ
පාසැල් පරික්ෂක පැන්නම ඒ කාලේ
ගුරුවරු හැමෝගෙම තොල කටවල් වේලේ
මීයට පිම්බ වාගේ මුළු ඉස්කෝලේ
මතකයි අපේ පන්තිය වෙත ආ තාලේ
ගුරුවරු හැමෝගෙම තොල කටවල් වේලේ
මීයට පිම්බ වාගේ මුළු ඉස්කෝලේ
මතකයි අපේ පන්තිය වෙත ආ තාලේ
නවතා ගණිත පාඩම ගෙන ගුරුගෙ පොත
මගෙ ගණිතයට දැන් යොදවනු සැමගෙ සිත
කියමින් වේවැලෙන් මේසෙට බාල පත
ගණනයි දුන්නේ දිරවන්නට උදේ බත
මගෙ ගණිතයට දැන් යොදවනු සැමගෙ සිත
කියමින් වේවැලෙන් මේසෙට බාල පත
ගණනයි දුන්නේ දිරවන්නට උදේ බත
මෙච්චර වයසෙ මම සරසවියෙන් ආයේ
අච්චර කළක් ගුරු සේවය හෙබ වූයේ
එතෙර මෙතෙර පටලවලා හිටි හැටියේ
කොච්චර වයසෙදිද මම මෙතනට ආයේ
අච්චර කළක් ගුරු සේවය හෙබ වූයේ
එතෙර මෙතෙර පටලවලා හිටි හැටියේ
කොච්චර වයසෙදිද මම මෙතනට ආයේ
ජොරා ඉස්සුවා අත දඩි බිඩි ගාලා
පණහයි සර් කිව්වා මරහඬ දීලා
කියමුකො හදපු හැටි එහෙනම් ගළපාලා
පුදුමයි ලොක්ක කට අරියා හිනැහීලා
පණහයි සර් කිව්වා මරහඬ දීලා
කියමුකො හදපු හැටි එහෙනම් ගළපාලා
පුදුමයි ලොක්ක කට අරියා හිනැහීලා
අයියට අපේ දැන් පන් විස්සයි ලැබුයේ
මේකා කියපි පන්තිය දැන් කිටි කිටියේ
කොහොමද පුතාමගෙ වයසට මැන බැලුයේ
සර් ඌත් භාගෙට පිස්සුනෙ කෙළියේ
ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ කවි පන්තියකි. ඔහුගේ අවසරය මත උපුටා පලකරන ලද්දකි.
මේකා කියපි පන්තිය දැන් කිටි කිටියේ
කොහොමද පුතාමගෙ වයසට මැන බැලුයේ
සර් ඌත් භාගෙට පිස්සුනෙ කෙළියේ
ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ කවි පන්තියකි. ඔහුගේ අවසරය මත උපුටා පලකරන ලද්දකි.
No comments:
Post a Comment