කවි කියවන්න ආව අය

Sunday, February 28, 2016

හිතේ මැවුන රුව..

සඳේ රුවට කැටයම් කළ මූණ ටිකක් ...හරවා
විදේසයෙන් ගෙනා සුවඳ පුයර හිතේ ...පුරවා
හදේ පතුල පෙනෙන ලෙසට සිනහ වීසි කරවා
ළඳේ වචන දෙකක් කියන් මගේ හීන ..මරවා

නීල නයන දිගු ඉඳුවර නුඹට උරුම .....වෙච්චී
මාල වළලු අරුමෝසම් තාලෙට හෙල..වෙච්චී
ආල වඩන ඉඳුරන් මගෙ හීනෙට බර ...වෙච්චී
බාල උනත් නුඹ ගැන සිත ආලය ඇති .වෙච්චී

සතේ නැතත් මං ඉන්නම් කියා ආව .......පලා
පතේ බතුත් නැතැයි ඇයත් කියයි කඳුළු ..සලා
ගතේ දිරිය තිබුණට මම හිඳිමි වෙමින් ....මුළා
හිතේ මැවුණ රුව නුඹගෙයි දුටුවෙ පමා වෙලා

චතුර විජේකෝන් කිවිඳුන්ගේ නිර්මාණයකි. ඔහුගේ මුහුණුපොත් පිටුවෙන් උපුටාගෙන පලකරන ලදී

No comments:

Post a Comment