කිත්තම්මහර 19
එදත් වේලපහ මම ගෙට ඇතුල් වුණා
අරක්කැමිය ඒකට මට උදවු වුණා
පිය රංගනෙන් පසු ඇය පුතු ළඟට වුණා
වෙලාවටම පෙරියදොරේ අවදිවුණා
කාම මහළු පියා පුතුට ගිනි බින්දා
සුරංගනී වෙත දෙවනුව ඇස රන්දා
අතේ අවිය ඇය වෙත හැරවූ හින්දා
මගේ තුවක්කුව ලොක්කගෙ දිවි සින්දා
තබා අවිය මියගිය පුතු සිරුරසල
කුඩා ඇලෙන් සෝදාගෙන කුණු කසල
විඩා නොවිඳ මොහොතක්වත් ඒ අසල
මෙමා ගියා පලිය රැගෙන සිත ඉපිල
.............................................ශාරා
පාපොච්චාරණය එතෙකින් වීය නිමා
කාමයෙ වරදවා ගියවිට ඔහොම තමා
කාටද දෙන්න පුළුවන් මරුවෙකුට සමා?
සඳුදා උසාවිය වෙත එනු නොවී පමා
ශාන්ත රාජපක්ෂ කිවිඳුන් ලියයි.
මතු සම්බන්ධයි.
No comments:
Post a Comment