කවි කියවන්න ආව අය

Saturday, February 27, 2016

සුදූ දුවේ...

සුදු දුවේ ..................

මෙයයි දොරටුව යෞවනේ
බලන් ඇස් ඇර දියණියේ
සොඳුරු දසුනින් නුඹෙ ලයේ
ගැස්ම වැඩි වෙයි හැම පැයේ

ඇතුළු වුව මැන සීරුවෙන්
බලා විනිවිද බෝ සොඳින්
සැනසුමට පමණක් නොවේ මෙහි
ඇතිය අතවර දෙන රිදුම්

දෙපස මල් ගොමු අත වනයි
තණ පලස දෙපතුල පිනයි
නැවත බලනුය හැරි වටපිට
එයද හරි මඟ නොම පෙනෙයි

බඹර ගුමු ගුමු නද දෙතී
සොඳුරු නෙක මල් වතු වෙතී
පෙම් කුරුල්ලෝ ගී ගයද්දී
නතර නොම වෙන් දුක සිතී

පාට දේදුනු පායලා
තුෂර වැසි එයි නෑවිලා
තෙමෙන්නට පෙර සිතන් මැණිකේ
සෙවනකට වී හිඳ බලා

ගිමන නිවනට තුරු වෙතේ
සරතැසට පිරි විල් ඇතේ
ඒත් මම නොකියාම කොහොමද
මිරිඟු දිය ඇස් රවටතේ

අසුන්දර හැම දෙය වසා
ගිණිකනව ඇස් රැවටෙතා
රසැ’ති පල විස තැවරෙතා
කොහොම ගන්නද එය සිතා

ගමන කෙලවර විඩා දෙයි
ලැබු දෙයක හිස් බව දැනෙයි
එහෙත් ආපසු හැරී එහි පල
නෙලා ගන්නට නොහැකි වෙයි

අම්මා .  මංගලිකා පෙරේරා කිවිඳිය වසර 2015 මැයි මස 6 වන දින ලියූ කවි පන්තියකි . ඇගේ අවසරය මත උපුටාගෙන පලකරන ලදී.

1 comment: