එකට උපනත් එකම මව් කුස එකම ගතිගුණ............ නොපිහිටන්නේ
එකම හැලියේ එකට බත කා එකම විලසට නොම.............. රඳන්නේ
එකට කන බොන එකට නිදියෙන එකඟතාව ද පලුදු .............වන්නේ
එකම ඉර හඳ එකම මිහිකත එකම ලෙස නැත සෙත........... සදන්නේ
නෙතු පියන් පත් සැලෙන වාරෙට වැඩිය වේගෙන් සිත..... සැලෙන්නේ
කිතු ගොසත් ලැබු හොඳ නමත් සුළු මොහොතකදි කණපිට හැරෙන්නේ
පැතූ විමන් බිඳ වැටෙන වේගෙන් නවමු තැනකින් දොර .....ඇරෙන්නේ
නැගි සිතුම් යලි විපරිතව ඇයි මිනිස් කමකට නිගා ..............දෙන්නේ
මටම පමණක් අයිති ලෙසකට සොබා දහමද මැන.................. බලාවී
කටුක වදනින් දුදන ගතියෙන් කිපුණු විට උනු'නුන් ...............පෙලාවි
අවිදු අඳුරේ ගැලෙනු මිස දිවි මගට යහපත නොම ....................සදාවී
පවර දම වුව සිතට නතු කොට වෙනත් මගකට යොමු.............. කරාවී
මදු පුරා දුන් අතින් ගෙන දෙයි හලාහල විෂ බඳුන.................... පුරවා
සෙත පතා කියු සෙත් පිරිත් වුව ගනී අසුබ වු ලෙසට............... හරවා
බැත සැදූ අත නොවටිනා ලෙස කෝටු දඬු වෙයි නිසල ............කරවා
අවසනේ මට නොමැත අයිතිය මාද ගෙන යයි රුදුරු ...............මරුවා
මංගලිකා පෙරේරා කිවිඳිය විසින් වසර 2013 ඔක්තෝබර් මස 25 වන දින ලියූ කවි පන්තියකි. ඇයගේ අවසරය මත උපුටාගෙන පලකරමි.
No comments:
Post a Comment