කවි කියවන්න ආව අය

Thursday, February 11, 2016

තනිකඩයාගේ හැන්දෑව...

තනිකඩයාගේ හැන්දෑව...
ගලා හිරිකඩ වෙලා මා ගත වසා ගත්තා අකීකරු හිත
උලා හැන්දෑ රක්ත පෑ මුව හිනැහුනා හිරු මැදින් මධුවිත
වළාකුලකට නොදී යන්නට ගලවලා සඳ ඇගේ ඇඳිවත
හලා ඇත බිම තෙමී යන්නට ලෙසින් සීතල සිඳුණු පතිවත
වැතිර කළු ගං කොමලි වැලි මත උස් පහත් වී කරන පෙරළිය
වතුර මත සුදු බි‍ඳෙන පෙනකැටි ඉපදුවා ඇගෙ මලවිකරලිය
අතුරලා පිනි සරාගී පෙති පුම්බලා වගෙ පිපුණු අරලිය
දෙව් ර මත නැග බිම නවාගෙන සුළඟ අතවර කරන තුරුලිය
වැටෙනු තව මට බර වෙලා පා විදාගත් තණ ලියකි අබිසරු
එතුණු ඒ මත කුමරු මී දුම් කරයි රමණයෙ ඇගෙන් මුලකුරු
බැඳුණු වේගෙන් ලිහෙන දිය‍රැලි වෙරළ නිරුවත් කරන විසිතුරු
නැගුණු අහසට තෙමුණු ගල්පර සයුර පිම්බූ වගේ පියයුරු
නැගෙන බාඳුරු පුරුෂ ලිංගය නොහැකි වී යනු උන්ට මගහැර
සිඹින කෙඳිරිලි සුරතාන්තයේ කෘමි කතුන්ගේ ඇසේ අඬහැර
ලිහන නුබකුස වැටේ මුහුලස මගේ තනිකඩ කුටිය කළු කර
ගැහෙන දෑඟිලි අතර දුම්වැටියක් සිනා සේ හැඟුම් අළුකර

සම්පත් කුරුප්පුආරච්චි කිවිඳුන්ගේ  (රියල් මචන් ) "පස් කන්දක හුස්ම ගනිමි" නම්  කාව්‍ය සංග්‍රහයෙන් උපුටා  දක්වමි...

No comments:

Post a Comment