ප්‍රේමය, අලියා සහ අන්ධයා...
බේරෙ වැව ළඟ හමන හුළඟත් කරන මල්වර සුවඳ රන්දා
පේන මාණයෙ හංස යුවලක් අකීකරු කෙහෙ රැල්ල බින්දා
හීන තැවැරී හිරිවැටී යන නුහුරු සිතුවම් හිතට කැන්දා
ආදරේ නම් අකුරු පටලන විධිය කොහොමද අනේ මංදා...!

ඈත සියුමැලි කෝල දෙකොපුල් උරා බොන මදුරුවන් රෑනකි
මෑත පිම්බුණු තිසර දන්දෙන වටේ ඇස් කන් නොමැති ගාණකි
ආලයෙයි රස මීවිතෙයි සුව වඩන වෙරළත් අමුතු පාරකි
සාලියගෙ කර උඩට නැගගත් අශෝකාවන් පිරුණු යායකි...

රෑට නිදි නැති නිසා වෙන්නැති දවල් නිදි සුව සොයා ඇදුණා
සීත කාමර පිරුණු විට වැට-කෙයිය ගාලෙත් සයන හැදුණා
පෝය අටසිල් උදේ පන්සිල් ගන්න කාකින් කුදල ගන්නා
මේක වින්නැති මිනී මරණා රටක දරුණුම වරද හිතුණා...

නීල කලු සුදු නේක සිනමා රසය මතු වෙනවාද විය හැකි
රෑක කළුවර ඇඳුණු කුටියක විවේකයටත් බනින යුවලකි
කෑම නැතුවත් දින ගණන් කෙටි පණිවිඩෙන් කුස පිරෙන බේතකි
"ප්‍රේම නගරයෙ හුදෙකලාවත් පංච ඉන්ද්‍රිය විඳින සුවයකි..!"
සම්පත් කුරුප්පුආරච්චි කිවිඳුන්ගේ (රියල් මචන් ) "පස් කන්දක හුස්ම ගනිමි" නම් කාව්‍ය සංග්‍රහයෙන් උපුටා දක්වමි...

No comments:
Post a Comment