කවි කියවන්න ආව අය

Friday, February 26, 2016

මගේ රැජිණී

මගේ රැජණ

මුළුණින් එකළු කළ මාගේ දිවි පහන
දිරියෙන් එකතු කළ නව නව සුබ සිහින
වදනින් දුන්න රිදෙනා විට සුව සහන
රැජනිය නුඹයි මගෙ ජීවන රජ දහන

ලැබුනත් ආදරය තව අයගෙන් බෝම
ඔබ ළඟ විතර නැත උණුුසුම සැනසීම
කිසිවක් ලබන්නට නොව ඇත්තට ප්‍රේම
කරනා කෙනෙකු නොදිටිමි මම ලොව තාම

දෙනුමැන සමා බෙදුවට ආදරය මගේ
හදවත නිසල නැත සසැළෙන ඔබගෙ වගේ
කල්ගිය පසුයි දැනුණේ මේ දෙකෙහි අගේ
දුර මේ අතර අහසයි රළු පොළව වගේ

කෙරුවත් වෙනස් කම් විටකදිි පැත්ත ගෙන
නොමැතිව නොවේ වැටහීමක් ඇත්ත ගැන
මම අසරණයි මේ කරුණෙදි සත්තකින
හරිදැයි වැරදිදැයි කියලා කියනු මැන

රුක තව රැඳෙන බව වැටහෙයි මුදුන් මුලෙන්
දියකඳ නොසිඳේය ගලනා නුමුණුකුලෙන්
උපතෙදි කපා වෙන් කෙරුවට පෙකනි වැලෙන්
"අම්මේ" එකයි මිදුණත් අපි සසර තලෙන්
------------------------------------------ශාරා

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

No comments:

Post a Comment