කවි කියවන්න ආව අය

Saturday, February 27, 2016

දවසක්දා හැන්දෑවක...!

දවසක් ගියා හැන්දෑවක ගම ..........පැත්තේ
මාටිං නොමැත මුට්ටිය පමණයි .......ඇත්තේ
හනිකට මුවට හැලමින් සොට් එක ...ගත්තේ
හොර කමකට නෙවෙයි පවසමි මම .සත්තේ

වෙනදා වගෙ නෙවෙයි රා ටික අමුතු ...රසයි
ටික ටික මගේ ඇඟපත හැම තැනම ....කසයි
නිදිමත නොවෙයි නැවතුවෙ මා බමන .හිසයි
දැහැනක වැටුණු අයුරකි එම සුවය .....යසයි

නැත හිත ඇදෙන්නේ පෙර ලෙස හැම තැනම
විමසිලි නැඟෙයි ඉඳුරක සෙලැවුන .....තැනම
කය මගෙ තියෙන අතරේ එම සිටි ......තැනම
මිදෙනට යන හැඩයි යන්නට තැන .....තැනම

යනවිට ගම මැදින් හනිකට අඳුර .........වකා
මඟ හමු වුණා මහසොන් යැයි කියන ...යකා
මොනවා වුණත් ඒකා මහ බොළඳ .......එකා
බැලුවා මා දිහා සිය තොල් යුවළ ........විකා

කුමරුනි කොහිද යන්නේ මේ ......හැන්දෑවේ
අමතක ඇයිද ජයසෙන් මං ...........ලංකාවේ
එකවර මටත් අමුතුම බලයක් ...........ආවේ
මොහු සෙබලෙක්ය පෙර කල මගෙ හමුදාවේ

මොකටද වැඩි කතා චෙරියෝ කියල' .......මම
ඇවිදන් ගියා අඩිපාරේ තිබුණු .................එම
සයිමන් හනික දිව යයි වෙත නිවස ..........තම
කුකුලෙකු අතෙහි ඇත පණ කඳ නොවුනු ..නිම

සයිමා නොදැක්කට මං කවුරුද ...........කියලා
කුකුළා හඬ තලයි එක වර මං ............දැකලා
අඳුණනවද බැලිමි යළි එබිකම් ...........කරලා
අප හමු වෙලා ඇත කලකට පෙර .........ඉඳලා

පෙර භවයකදි කුකුළා මගෙ පිය .....සොයුරූ
සයිමා එකල ඉඳළා අපහට ................සතුරූ
සොයුරා අවසනදි විය සයිමට ............නපුරූ
එනිසයි නපුරු කම සයිමා යළි ..........පැතිරූ

සයිමෝ අතහරිනු දැන් ඔය දුබල ..........සතා
කීවෙමි හනික උගෙ පණ බේරනට ........පතා
සයිමට ඇසුණෙ නෑ මා කිවු සමඟි .........කතා
බැහැ වළකන්ට ඇති කරුමය ගතිමි .... සිතා

හැරුණෙමි යළිත් මගෙ කය වෙත යන ලෙසට
තේරුම් ගතිමි කරුමය පළ දෙන .........බවට
අනුනගෙ පවු එපා ගන්නට තම ...........ඇඟට
එළියට යළිත් නොම එමි, ගත්තෙමි ......සිතට

චතුර විජේකෝන් කිවිඳුන්ගේ නිර්මාණයකි.
ඔහුගේ අවසරය මත සංරක්ෂණය උදෙසා උපුටාගෙන පල කරමි. නිර්මාණ අයිතිය චතුර විජේකෝන් කිවිඳුන් සතුය.

No comments:

Post a Comment