කවි කියවන්න ආව අය

29,493

Saturday, February 27, 2016

වැරදුනේ කාටද..?

පැතුව පැතුම් කලක පටන් හැම මොහොතක් පාසා
එක වහලක් යටට එන්න කරපු තරම් .........ආසා
විවාහයට මාස හයයි අමතක උනි .............බාසා
අප අතරේ දුර වැඩි විය හිමි දෙසු බණ .......නාසා

එකට පදින්නට සිතු ඒ නැවු පොඩියත් .........වික්කා
වෙන්ව යන්ට හැකි පොඩි පොඩි බෝට්ටු අපි දැක්කා
ගියා ගියා එක තැනමයි නොදනිමි උනි ........මක්කා
දරු පැටියා අප දෙදෙනගෙ නීතියෙ බැමි ......රැක්කා

නුඹ ත් හොඳයි මමත් හොඳයි ඇයි අපි මේ නරක
මට හිතෙන්නෙ වරද ඇත්තෙ කළ පාපෙක පෙරක
පුංචි එකා ඉස්කෝලෙට දාපු දවසෙ ...........වරක
මතක් වුණා හිනැහුණු හැටි ඉස්සර ගං ......තෙරක

චතුර විජේකෝන් කිවිඳුන් 2013 සැප්තැම්බර් මස 25 වන දින සිය මුහුණුපොතට යොමුකළ කළ නිර්මාණයකි .  නිර්මාණ අයිතිය චතුර විජේකෝන් කිවිඳුන් සතුය. ඔහුගේ අවසරය  මත උපුටාගෙන පල කරන ලද්දකි .

No comments:

Post a Comment