කවි කියවන්න ආව අය

Friday, March 11, 2016

කංසා යහපත් ලෙස සමාජ ගත කරමු..!

Real Machan සම්පත් කුරුප්පුආරච්චි

12 January 2013

කංසා යහපත් ලෙස සමාජ ගත කරමු..!

ක‍ටුපිල මිටක් හා මුසු කළ කන්ස ටිකක්
චූරණ ඉස්ම හා බොනු මී කිරි උගුරක්
දවසට වරක් ගෙන හරි හැටි එක සතියක්
අර්ශස් රෝග පලවා ගනු දිව ඔසුවක්

ඉංගිරිසින්ද මවිතව ගිය අපේ බල
මැව්වේ උදේ කිරි හා මුසු කන්ස කොළ
මැල්ලුම ළපටි දළු බත් පත එළිය කළ
හැඩි දේඩි පරපුරක මැව්වා ඇත්තු පෙළ

කෝටි ගණන් වටිනා හේනට පැනලා
ජාතික වස්තුවක් උන් යයි ගිනි තියලා
විදේශයට වසරක් මේවා යවලා
ඒයි බැරි දාන්නට තියනා නය ගෙවලා

කන්සා මතින් මත් වී ගෑනිට ගහන
දු‍ටුවේ කව්ද වාහන හැප්පී තිබෙන
ගුටි කෙළි පරුෂ වදනින් මග සරිසරණ
මත් ලොව උපාසකයෙකි ගන්ජා උරන

ධාරණ ශක්තියට හෙළ ඔසුවකි කන්සා
නැත පෙනහලු වලට මල ඉ රුවත් හිංසා
තිත නැති මතට නිකොටින් රකුසා වනසා
බැලුවොත් වටී මේ ගැන නුවනින් විමසා...

සම්පත් කුරුප්පුආරච්චි කිවිඳුන්ගේ නිර්මාණයකි.

No comments:

Post a Comment