කවි කියවන්න ආව අය

Saturday, March 12, 2016

ආසයි බයයි...!!

Ishara Wanasuriya
8 March at 12:03

*****ආසයි බයයි*****

මන්ද නඟේ නුඹ යන්නේ හීන්සැරේ බිම ............බලාන
හැන්ද කරේ දැක්ක වෙලේ ගියානේ හදවත ......පෙලාන
බැන්දෙ සෙනේ වැලිකෙළියේ මැද්දේ හිඳ ගම් ....තුලාන
නින්ද මගේ අහිමි කළේ පෙම් හිත යද්දිය ..........ගලාන
පින්න මලක රුව දු‍ටුවයි නුඹෙ ළැම එනවිට .........ඉස්සී
ඉන්න තැනක මම දැක්කම උඹ යනවා නෙව ......ගැස්සී
දන්න කාලේ ඉඳන් උඹට කිව්වත් මං ...........ඇටමැස්සී
මෙන්න බලන් පිපුන මලකි දැන්නම් මගෙ පොඩි.. පිස්සී
හීන වලින් පිරවූවත් උඹ වෙනුවෙන් නිල් .........අහසක්
පේන දුරින් නුඹ දැක දැක සිතුවත් කියනට ........දහසක්
කෝණ මසක් හෙම දුරලා පතනට සුන්දර ........පහසක්
මාන බැලුවමුත් තවමත් මගෙහිත උඹහට .........රහසක්
තනන නමුත් පවසන්නට හිත තුල නැගෙනා .......ආලය
වනන යුරක් වත් නොබලමි සුරතින් නුඹගේ ......සේලය
ගනන කුමක් මුත් අවුරුදු ගතවී දුරුවී ..............කෝලය
දිනන දිනක් වේනම් පළදන්නෙමි මංගල ............මාලය

ඉශාර වනසූරිය කිවිඳුන්ගේ නිර්මාණයකි.


No comments:

Post a Comment