ලක්දිව සසුනඹර හිරු අද ගියා බැස.....
________________________________________________
ඉපදී සුපින්වත් රන් පුතණුවෙකු..........ලෙස
පැවදිව රැකිය සිල්වත් කම තබා............හිස
උරදුනි රකින්නට රට දැය සමය............බස
ලක්දිව සසුනඹර හිරු අද ගියා.............බැස
සතරක් අනූ වසරක් දිවි මග..............වැළඳූ
ගරුතර මහා ගලගම නායක..............සමිඳූ
සිටි සඟ මිණකි ලෙස සාසනයට.........නිරිඳූ
හිමි නැති සොවින් වැලපෙයි කුමරිය....තරිඳූ
බොහො කාලයක් දළදා හිමි රැක.......බලලා
ඇත දස් ගණන් වර තේවාවන්...........කරලා
කුසලය තිබේ නිවනට මග හෙලි.....කෙරිලා
නිවනට වැඩිය හිමි සේවය අත.........හැරලා
ගලගම අත්ථදස්සී හිමියනේ................ගරූ
මිණි සඟ රුවකි කෙදිනකවත් නොදුටු....විරූ
කල පින් මදැයි දළදා සේවයේ...........කෙරූ
නිවනින් සැනසෙවා බුදුහිමි දෙසුව.........යුරූ
හෙටදින හිඳන් රට පඬුපැහැ...........ගතලාය
නෙත නෙත කඳුළු බිඳු බිඳු විත්........ගලලාය
සිත සිත සමිඳු ගුණයෙන් පින්..........පිරිලාය
සමිඳුගෙ නාමෙ තව කප් කල්.........බබලාය
තරිඳු ලක්ෂාන් යූ. ගණිහිආරච්චි කිවිඳුන්ගේ නිර්මාණයකි.
-2016.03.09-
No comments:
Post a Comment