කවි කියවන්න ආව අය

Friday, March 11, 2016

වින්නැහිය ...!!

වින්නැහිය...

ගහ කොළ සතා සීපාවා කුරුළු-----------------නද
ගඟ, දිය අල්ල සිප හමනා පවන---------------මද
ඇසුරේ වැඩුණ මිනිසෙකු සතු කුළුණු-----------හද
දුලබය තරඟයක නියැලුණු නිසා----------------අද
.
විලි වැසි සොඳුරු සළු ගලවා මහ පොළො------වේ
ඇයි ? ගහ කොළට එරෙහිව අවි අත දැරු------වේ
පරිසර සොබාවට පරසිදු ලොව හමු-------------වේ
මේ රන් දෙරණ දවසක වැලි කතරක්-----------වේ
.
දැන හෝ නොදැන වෙන පරිසර-මිනිස්------හබේ
හොඳකට වඩා නරකට යන ලකුණු----------තිබේ
රුදු ලෙස කරන වින දැක මහ පොලෝ-----ගැබේ
හෙට හිරු පවා නැග ඒ දැයි සැකයි----------නුබේ
--------------------------------------------(ශාවී)
2013.03.29
ශාන්ත විජේසිංහ කිවිඳුන්ගේ නිර්මාණයකි .

No comments:

Post a Comment