පළමු පෙම
ලාහිරු එළිය තුරු පතකට පළමු...........................වම
පෑයුව සදිසි විය ඔබ මට නිසැක...........................වම
දේදුනු පාට ගෑ සිහිනය සොඳුරු...........................තම
වා අණු අතර ඇති අප මුණගැසුණු........................බිම
.
දෙනයන වසඟ කළ දඹ රන් රුසිරු.....................ඔබේ
මතකය අතර මතුවේ ඉඳහිටක...........................ඉබේ
සැඟවී ගියද සඳවත සේ වළා............................ගැබේ
හදවත පහුරු ගෑ සලකුණු තවම.........................තිබේ
.
කුරිරුය ලොවම ! වදනට ගුරු දෙගුරුන්.................ගේ
ලොව හිස් තැනක් විය නොවෙනා තැන අප............ගේ
බොඳ සිහිනයක සිටියද විසුමට එක......................ගේ
රාක්ක පිරෙන හැටි නොදුටිමු මුළුතැන්..................ගේ
.
මේරූ සිතෙහි කලතා පෙර මතක........................කඳ
හාරා බැලූ විට වැටහෙන දෙයකි..........................අද
ආගන්තුක’වු හැඟුමක ඉකිගැසුණු........................හද
ආදරයකට වැඩියෙන් කිතියකිය..........................ලද
(ශාවී)
ශාන්ත විජේසිංහ කිවිඳුන්ගේ නිර්මාණයකි .
2013.08.01
No comments:
Post a Comment