කවි කියවන්න ආව අය

Friday, March 11, 2016

හිඟන්නාගේ මරණය හෙවත් පොරකගේ නික්මයාම ...!!

Real Machan සම්පත් කුරුප්පුආරච්චි

18 December 2012

හිඟන්නාගේ මරණය හෙවත් පොරකගේ නික්මයාම.........

පෑගෙන පාවහන් වල දූ විල්ල වැදී
පීදෙන කැකෑරෙන වණයට විඩා නොදී
ජීවන සුසුම අවසන් බිඳු පිටට ඇදී
නොහඬන මල ගෙයක මිනියක් වැතිර හිඳී....

ටකරන් බෙලෙක් මහ මග සොලවා සරන
අට පහ මුරය බස් තෙරපිලි නොම දකින
හතරට නැවී ලොක්කන්ගේ පා ලොවන
උන් ළඟ රජෙක් විය ඔහු සිඟමන් යදින…

ඉනි වැට නොමැත ගහ ගන්නට හතර වට
ණය පොත් නොමැත බැංකුවෙ ලිය වුණ නමට
අය වැය බදු බරින් තොර වූ දිවියකට
කෙළවර ළඟා විය දුක ඒකයි හිතට....

විල්ලුද පලස් රස මසවුළු වල සුවය
දු‍ටුවද නොලැබ පසු විය හැත්තෑ නවය
වැහුවද අපිත් ණය වී ශෝභන බවය
මතුවද හිඟන්නෙක් නොවෙණා එක පවය...

සම්පත් කුරුප්පුආරච්චි කිවිඳුන්ගේ නිර්මාණයකි.

No comments:

Post a Comment