කවි කියවන්න ආව අය

Friday, March 11, 2016

ප්‍රේමය නම් රාගයෙන් තොර ...!!

Real Machan සම්පත් කුරුප්පුආරච්චි

12 December 2012

ප්‍රේමයනම් රාගයෙන් තොර...

කතර බට වැහි පොදක් වන් සිත මතින් ගලනා ස්නේහයේ රස
අතුර දිය මත ඇගෙ සිනිදු වත මා එළිය සඳ කිමිදි එහි බැස
සතර අත සක් හඬින් නළවන මිහිරි තෙපුලින් මද පවන් ඉස
අඳුර එනු නුඹ ගැබට හෙමිහිට වසා නා දළු ‍රැඳුණු තුරු හිස

පිපෙන නෙළුමක සුවඳ මුසු කොට තැනූ ලවනත පොපියනා යස
කෙසේ සිප ගනිමිදෝ නවතා ඇගේ හුරතල් සොඳුරු මදහස
බලා දිදුලන දෙනෙත් තරු කැට කුමට වසමිද දෙතරු අවපස
නොසෙල් වෙන සිත කිසිත් නො අසයි ඇගේ දයාබර උණුහුමම මිස..

රාගයෙන් තොර නැගෙන මධු සඳ ප්‍රේමයෙන් වැඩි ගිරි මුදුන් පිස
වරණ නිදි රෑ පමණි සේව්වෙ බිඳින කෙහෙ‍රැලි ඇගෙ සිනිඳු හිස
කල්පයක් තව සිටිය හැකිනම් තබා ඇස් දිදුලන උවන දෙස
මධු සමය නම් එයම පමණයි ආදරේ වැහි වැටෙන යට කුස..

සම්පත් කුරුප්පුආරච්චි කිවිඳුන්ගේ නිර්මාණයකි .

No comments:

Post a Comment