------ කවියෙකුගේ බිරිඳකගේ කවියක්..! -------
..
සඳවත ලෙසට කළ උපමා මගේ..............වැනුම්
එදවස තදින් හද මඩලේ කළා.................නැටුම්
රිසිවන පදින් ලියනා විට නොයෙක්..........දැකුම්
ඔබ ළඟ මෙමන් හිටි හැටි අද වගෙයි........හැඟුම්
..
නෙක රූ රටා මැව් හැටි ඔබ සිත්.............අහසේ
තවමත් හිතේ මහ මෙරකට ඇත.............රහසේ
යුගයක් ගෙවා අහවර විය දිවි..................පියසේ
කවියක් වගේ කිව් ආලය නැත................නිවසේ
..
දොරඟුලු වසා ගෙන තනිවී ගෙයි.............මුල්ලේ
ඔබ තව කවි ලියයි තොල් ගැන නා...........දල්ලේ
තනියම මෙමන් ලිප සමඟයි අළු..............පල්ලේ
තනිකම දැනෙයි මහ මෙරකට එක...........එල්ලේ
..
වෙහෙසුන නමුත් රැකගන්නට සෙනේ...........පිඬූ
නොගනිමි කිසිම විට මුවඟට මුවත්...............කඩූ
කිමදැයි මෙහෙම දිවි කවිකම් වුනේ...............අඩූ
ලස්සන වදන් කෝ නුඹ මට එදා..................දෙඩූ
..
කවියෙක් කියා නුඹ දීපෙට ජනිත..................වුන
වණමින් පුවත්පත් සඟරා නොයෙක්..............තැන
දහසින් බැඳි පියලි නැතිමුත් ගෙදර.................එන
සතුටකි හිතට අඟ හිඟකම් ඇතත්..................ධන
..
අතපසු වුනත් මට යුතුකම් ලැබිය...................යුතූ
නොකරමි කිසිම දොස් තැබුමක් විලස.............රතූ
රිදෙනව හිතම හරි දුකකින් සතුට .................පැතූ
එනමුත් පුදමි මගෙ හදවත හෙටත්.................මතූ..!
..
සමීර චතුරංග කිවිඳුන්ගේ නිර්මාණයකි
2016.02.22
කවි කියවන්න ආව අය
Wednesday, March 9, 2016
කවියෙකුගේ බිරිඳකගේ කවියක්...!!
Labels:
සමීර චතුරංග
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment