කවි කියවන්න ආව අය

Friday, March 11, 2016

සිල්..

Veenavi Sulakkana
8 February 2013
වීනාවි සුලඛ්කනා

....සිල්....

සුදු ඉද්ද මාලතිය සුදු වැල්ල පිරිමදී
නා ගසේ සිලි සිලිය ඇගෙ ගමන රස විදී
කටු පඳුරු හරස් කල කඩුල්ලට බර දිදී
ගැට පිච්ච වැල් පවා ඇගෙ පැලට යයි ඇදී

නැමී තුරු හිස පවා ළදලු කැලුමන් දිදී
ඇගෙ දිගැස් කැලුම් සර හෙමින් එදෙසට අදී
සුදු තිසර ජෝඩුවක් ඇගෙ ළැමැද මත නිදී
හිසෙහි රැදි වනමලක් එදෙස බලමින් හිදී

මගේ මිරිවැඩි හඩින් දැහැන ඈ වුන් බිදී
වෙරළු දං සියබලා රැගෙන දෝතින් පිදී
වතෙහි ලූ කසාවත සිත මතට බර දිදී
ඇගෙ රුවෙන් මිදෙන්නැයි මසිත එතෙරට අදී

වීනාවි සුලඛ්කනා කිවිඳියගේ නිර්මාණයකි.

No comments:

Post a Comment