කවි කියවන්න ආව අය

Friday, March 11, 2016

චෝගමේ පිටු පෑම..

****.... චෝගමේ පිටුපෑම  ....****

කොටුවී සිටි අධිරජයෙන් අප දැන් .........නිදහස්
සහයෝගෙන් සිටිමු එකට නොමැතිව .....උදහස්
ගුණ ගරුකව මිතු කැල ලෙස කියනට .....අදහස්
චෝගම රැස් වුනේ කොළඹ සිරිතට ......ප්‍රසහස්

ආලෙන් කොටියගෙ පසුපස අත ......ගාමින්නේ
චෝගම් අරමුණු පැහැදිළි ලෙස ......කඩමින්නේ
ඩේවිඩ් කැමරන් කීමෙන් පිළිඹිඹු .........වන්නේ
ඊලම් තමරට තහනම නැත ඔහු ...........දන්නේ

එකම රැජිණකගෙ අගමැති උතුමන් .....දෙදෙනා
එකම වේදිකාවක ගති දෙකකට .........පෙනුනා
ටෝනි ඇබට් හට සිරලක ප්රුගතිය ......දැනුනා
කැමරන් ගෙන් රැජිණ හටද කැළලක් ...යෙදුනා

ලන්ඩනයේ කොටි චන්දෙන් වැටඋඩ .....රඟනා
අයර්ලන්තෙ ගරිල්ලගෙන් කුණුබස් .......අසනා
ඉරාකෙ හා ඇෆ්ගන් වල මිනිසුන් .........මරණා
ඩේවිඩ් ළඟ මනු ගුණදම් නැතිබව ........දැනුනා

මේක මෙහෙම වේවි කියල මාම හිතුවේ .....නෑ
මාම අපේ හොඳයි කියල අපි කියන්නෙ ......නෑ
වීදුරු ගෙයි සිට මිනිසුන් ගල් ගහන්නෙ ......නෑ
කීව ඒත් බොරු බීරට ඇහුනද දන්............. නෑ
16/11/2013 දින සුනිල් පෙරේරා කිවිඳුන් එවකට ලංකාවේ පැවති දේශපාලනමය හා සමාජමය සිදුවීම් අලලා කරන ලද නිර්මාණයකි.

No comments:

Post a Comment