සොයමි මම ..........
කැඩපතේ පෙනෙනෙ රුව ශ්වේත කෙහෙ රැළි... පිරුණු
කඳුළු සැඟවූ දෙනෙත් උපැස් යුවළින් ................එබුණු
වියපත්වු වත පුරා විඩාබර බව........................ ඇඳුණු
මේ මමද ?මේ මමද? අසයි හදවත................... රිදුණු
ඉලක්කය හඹ හඹා දැනුම වනපොත්.............. කළෙමි
මහත් වෙහෙසක් දරා පදවි හරසර.................... ලදිමි
අහස්කුස කරා උස පැතුම් පසුපස ...................ගියෙමි
සිටියාද ... සිටියාද...මම එතැන දැන් .................සිතමි
සත්‍යයේ යුක්තියේ මළ බෙරය ඇසුණු.............. ..කල
හඬනැඟූ මගේ හඬ මටම ඇසුණා.................. ..දුබල
බොල් වෙහෙස අතැර දා මම මාව කළෙමි .........මිල
එතැන දෝ රුදුරු බිම මට මාව අහිමි .................කළ
සැඟවුනෙමි ...සැඟවුනෙමි ..මුදල් පොදි මත ....වැතිර
යස ඉසුරු පිරි ලොවක් මැවූවෙමි දිවි ...............කතර
තිර සැපක් පතා වෙහෙසෙනා සඳ ලොව ............අතිර
මට මාව අමතකව ගිය අයුරු ඒ .......................අතර
බැඳුණු බැමි නිසාවෙන් විඳින විඳවන............. දිවියෙ
මගෙම උන් මගෙ කියා බදාගත්තෙමි ............තරයෙ
අනුන්ගේ සැපත ළඟ මම මාව ................අතහැරියෙ
අනේ අද මගේ ළඟ ඔවුන් නැත මා ..............තනියෙ
ආ ගමන බෝ දුරයි හැරී බලනෙමි ..................යළිත්
කෝ කොහෙද නේක දුක් දරා මා තැනු ..........ලොවත්
වී වෙහෙස මතක සුන්බුන් මෙනෙහි කළ .........නමුත්
නෑ මතක කොතැනදිද අහිමිවුනෙ මට ..............මමත්
- සංජීවනී දහනායක කිවිඳියගේ නිර්මාණයකි .
No comments:
Post a Comment