කවි කියවන්න ආව අය

Saturday, March 12, 2016

අසම්මත පෙමකි මා..!!

Ishara Wanasuriya
5 March at 15:33

******අසම්මත පෙමකි මා*****
දුනු දිය සිඳී ගියපසු මල්සර ................විද්ද
විරහව හදවතේ සිදුකරලයි ..........,.....යුද්ද
මවෙතට ඇවිත් නුඹ පසු තැවෙනව ......වද්ද
වරදෙහි බැඳුන අය ඇයි ලොව තුල ....නැද්ද

ඇය ගිය සොවින් හිඳ නුඹ මවෙතට .....ආදා
අපි අපි පමණි නැත කිසි ලෙසකත් ......බාදා
මුලදිම තිබුන නුපුරුදු හැඟුමක් .........සෝදා
ආවා නෙවෙද සතුටෙහි කැකුළක්..........පූදා

එලිවෙනතුරුම නුඹ අසලින් ‍රැ‍ඳෙමි ......මම
නුඹහට ගෙනෙමි අම රසයෙහි මිහිරි .....ඉම
මා හා ගෙවන ඒ සුන්දර .......මොහොතකම
ඇය ගැන මතකයන්ගේේ දුක කරමි..... නිම

නුඹටද හොරා නුඹගේ මනසෙහි ........ඇඳුන
යළි වෙන්නොවන්නට අක්මාවෙහි ......මිඳුන
නුඹෙ දිවි කෙටි කරත් නුඹ සමගින් .‍....රැඳුන
අදටත් නුඹගෙ පෙම වෙමි මම මත්..... බඳුන

ඉශාර වනසූරිය කිවිඳුන්ගේ නිර්මාණයකි.

No comments:

Post a Comment