Ishara Wanasuriya
2 March 2016
**එක හිත තිබු නුඹේ හිතත්**
නැතිකර දමා සිත තුළ තිබු ...............සැනසිල්ල
මට නොදැනීම මගෙ හදවත කළ ...........මෙල්ල
මදහස පෑව දෙතොලින්, පැහැ නා .............දල්ල
තවමත් මතකෙ ඇත උඩු දුම්බර ...........කෙල්ල
නුවරට ඇදෙන දහ අට වංගුව .................පාරේ
දුටුවෙමි නිතර එහෙමෙහෙ යන එන ........වාරේ
කිසිදින ඇගෙන් වදනක් නම් අත............ නෑරේ
අමුතුම හැඟුම් රැසකින් හදවත .................සීරේ
මිහිරිවු නදින් මුමුනන වදනක් ................පාසා
අමතක කරලුවා පරිසරයෙම ................ගෝසා
ඇයටත් හොරා හදවත මතු කර ...............ආසා
තනිවම ලැබූවෙමි පෙම් ලොවකට ............වීසා
සිතතුළ කළ පෙමට නම් දැන් බොහො. ..කල්ය
සිහිනෙක උවද දකිනට හදවත ............ලොල්ය
ඇති තතු නොසෙව්වානම් බිඳෙනුයෙ ......සිල්ය
ඇගෙ දරු පැටවු දෙන්නත් හරි ..........හුරතල්ය
ඉශාර වනසූරිය කිවිඳුන්ගේ නිර්මාණයකි
No comments:
Post a Comment