කවි කියවන්න ආව අය

Friday, March 11, 2016

ස්වීප් ටිකට්..

Santha Rajapaksa
11 September 2013

ස්වීප් ටිකට්...!!

සූදුව නිසා කවදාවත් සුවිප් එකක්
මිලදී නොගත් මට සිදුවිය මෙහෙම දෙයක්
දෑසම අන්ධ මිනිසෙකු කී ලංව මදක්
මහතුණි මෙතන ඇත අන්තිම ටිකට් පහක්

උණුවී මහද අරගෙන අතරැදි පහම
ඇදගෙන වොලට්ටුව සීයක් හෙව්වාම
දැල්වී කොළ එළිය මොහු අතහැර යාම
නොකරම බැරිවුණිය සීයත් ළඟ තාම

ආපසු එද්දි සෙව්වත් මොහු හතර අතේ
සෙයාවකුදු අඳ අයෙකුගෙ දුටුවෙ නැතේ
රිදුමක් ඉතිරි කරගෙන යළි නිවස වෙතේ
ආ විගසම තැබී හැම දේ බිරිය අතේ

ඇඟැළුම් උණා දාහෙට දිය නාගන්ට
හැදුවා පමණි කෑගැසි උළු හෙල්ලෙන්ට
එන්ඩෝ මෙන්න මෙය බෑ අදහාගන්ට
පළවෙනි දිනුම මේකට මේ අහගන්ට

හැමදෙන කියයි නුඹෙ ග්‍රහයෝ බලගතුය
නොහිතන දේ ලැබෙයි ඒ හැම අප සතුය
කිව්වත් කවුරු මම මගෙ හදටම නතුය
"සීයයි කෝටියයි" අන්ධයො උඹ සතුය

------------------------------ශාරා
ශාන්ත  රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි

No comments:

Post a Comment